මම කිව්වා 40 වෙනකොටත් කවුරුත් නැති වුණොත් අපි දෙන්නා බඳිමු කියලා
සරාගී විලාසිතා නිසාම කාගෙත් ආකර්ශනය දිනාගත්ත යුරේනි නොෂිකා කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක සිත් වසඟයට ගත්ත තාරකාවක්. සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම ජනප්‍රිය කෙනෙක්. යුරේනි ගැන මේ දවස්වල හැමෝම කතාවෙන්නෙ "යාලුවෝද යාලුයිද" කියන අලුත්ම ෆිල්ම් එක නිසා.
එදා පළමු වර චිත්‍රපටය නරඹන්න ආපු දවසේ යුරේනි ඇය ආදරේ කරපු යාලුවෙක් ගැන මේ විදිහේ කතාවක් කියලා තිබුණා.
"යාලුවෙක්ට ආදරේ කරලා තියනවා, 8 වසරේදි. එයා දැන් පිටරට. අදටත් අපි දෙන්නම සින්ගල්.. මම කිව්වා 40 වෙනකොටත් කවුරුත් නැති වුණොත් අපි දෙන්නා බඳිමු කියලා. ඒ වුණාට එයා හරි යන් නෑ. එයා කියනවා, යුරේනි මම ඔයා බැන්ඳොත් මට කන් දෙකේ ඇබ ගහගෙන තමයි ඉන්න වෙන්නෙ කියලා"