මම ඉස්සර දවසට ලක්ෂ 6ක් 7ක් විතර හෙව්වා, දැන් මට ඉන්න ගෙයක් නැතුව බොහොම අමාරුවෙන් හදන ගමන් ඉන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දමිත් අසංක අපේ ආදරණීය ගායකයා ගායනා කල ගීත අතර ජනප්‍රිය ගීත විදියට මගේ ප්‍රථම ආදරේ, මායින් ගමේ, මේ අනන්ත රාත්‍රියේ, නුබ කාටදෝ ආදරේ, සිතට දැනුනු ඔබේ ආදරේ, සිතත් එක්ක යන්න යං, සුදු මුහුණ දැක ගන්න, වෙන් වෙන්න පුලුවන්නම් වැනී ගීත ප්‍රේක්ෂක අපි අදටත් අහන්න ප්‍රියතම ගීතයන්. ඔහුගේ අතීතය ගැන දමිත් අසංක එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ඉස්සර දවසට ලක්ෂ හය හතක් හෙව්වා. නමුත් ඒ දේවල් මම වියදම් කලා. මියුසික් බෑන්ඩ් පටන් ගත්තා. කොච්චර හෙව්වත් ඒ දේවල් ඒ කාලෙම වියදම් වුණා. අවසානෙට මම හිටපු ගෙදර දොර උකස් කරලා ඒවා විකුණුවා. දැන් මම ඉන්න තැනක් හදන ගමන් ඉන්නේ. ඒකට මට ගොඩක් කට්ටිය උදව් කරනවා. අද කාලේ ගෙයක් හදනවා කියන්නෙත් අමාරු දෙයක්නේ. අද රටේ තියෙන ආර්ථිකයත් එක්ක කාගෙන්වත් උදව් ඉල්ලන්නත් බෑ. මම දැන් ඉන්නේ දෙමාපියන්ගෙන් ලැබුණු තැනක.”

එම සම්පූර්ණ වැඩ සටහන මෙතනින් බලන්න.