මම ඉතාම අමාරු කාලයක් ගත කළා - ලැබෙන සමහර ප්‍රතිචාර ගැන, හඬ අවදි කරන සචිත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ගොඩ දෙනෙක්ට මේ වෙලාවෙ තියෙන ප්‍රශ්න ගැටලු ඒ විදිහටම මටත් තියෙනවා.  එකම දේ මම මට පුලුවන් විදිහට අමාරු අයට support එකක් දෙන ගමන් මගේ ජීවිතේ විදිනවා..."
 
සචිත් පීරිස් කියන්නෙ ඉතාමත් ජනප්‍රිය ගායන තරුවක්. ඔහු කලක් රෝගාතුරවයි හිටියෙ. දැන් ආයෙම අපිට ඔහුව නිර්මාණ කටයුතු එක්ක දකින්න පුළුවන්. ඒ වගේම තමයි සචිත් කියන්නෙ නිතරම තැන තැන ඇවිදිමින් ජීවිතේ විඳින අපූරු චරිතයක්.

 ඉතින් ඔහු එහෙම දැමූ පෝස්ට් කිහිපයකට ලැබී තිබුණු ප්‍රතිචාර ගැන මේ විදියෙ සටහනක් තබා තිබුණා.
 
පහතින් දැක්වෙන්නේ ඔහු තැබූ එම සටහනයි.
 
"අද දින මම දාපු Post දෙකකට දාල තිබ්බ සමහර Comments වලින් දැනගත්තෙ සමහර මිනිස්සු රටේ දැන් තියෙන තත්වෙ ගැන හිතන් ඉන්න මානසිකත්වය. ඒ අය හිතන් ඉන්නෙ facebook එකේ post share කරලා මට මේ රටේ ප්‍රශ්න විසදන්න පුලුවන් කියලා. ගොඩ දෙනෙක්ට මේ වෙලාවෙ තියෙන ප්‍රශ්න ගැටලු ඒ විදිහටම මටත් තියෙනවා. එකම දේ මම මට පුලුවන් විදිහට අමාරු අයට support එකක් දෙන ගමන් මගේ ජීවිතේ විදිනවා. එහෙම comments දාන අය හොදට ඉන්න කාලෙ මම ඉතාම අමාරු කාලයක් ගත කලා. facebook එකේ වීරයන් නොවී එක එක්කෙනාට නොදන්නා දේවල් වලට උපදෙස් නොදී තමන් මහන්සි වෙලා මොනාම හරි කරගන්න. ආදරෙයි හැමෝටම..."