මැද කැරොලයින් ජුරි නැවත වතාවක් කරළියට එයි ? මේ පාර මොකද්ද කරන්න යන්නේ
මිසිස් වර්ල්ඩ් (ලෝක විවාහක රූ රැජින) කිරුළට හිමිකම් කියූ කැරොලයින් ජූරි පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වුණේ ඇය විසින් පුෂ්පිකාට හිමි වූ කිරුළ ප්‍රසිද්ධියේ ගැළවූ නිසා යි.
ඇය විසින් සිදු කළ එම ක්‍රියාව අන්තර්ජාලය දැඩිව උණුසුම් කළ අනතුරුව, ජාත්‍යන්තරයේ පවා අවධානය දිනාගත්තා.
කෙසේ වෙතත්, අවසානයේ මිසිස් ශ්‍රී ලංකා කිරුළට හිමිකම් කියන්නට පුෂ්පිකා සමත් වුණා.
නමුත් දෛවයේ සරදමටදෝ ලෝක විවාහක රූ රැජින වන්නට පුෂ්පිකා ට හැකි වූයේ නැහැ.
ඇය සිය පරාජය සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහට සහ රෝසි සේනානායකට චෝදනා එල්ල කළ අතර, සියල්ල අවසානයේ පුෂ්පිකාට හිමව තිබූ මිසිස් ශ්‍රී ලංකා සන්නායම සහ කිරුළ ද අහිමි කරවීමට චන්දිමාල් කටයුතු කළා.
මේ සියල්ල මැද මුනිවතින් සිටි කැරොලයින් ජූරි වෙත පිරිසගේ අවධානය නැවත යොමු වුණා.
ඇය මෙම සිදුවීම් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ අතරම සමාජ මාධ්‍ය තුළද ඒ සම්බන්ධ කිසිවක් පළ නොකිරීම විශේෂත්වයි. මේ වන විට කැරොලයින් ජූරි නවතම ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කර ඇති අතර, ඇය සමාජ සේවයේ ද නියැලෙන කෙනෙක්.