මෙදා අවුරුද්දේ අම්මා නැති අඩුව මට තදින්ම දැනෙවි
ජනප්‍රිය ටෙලි හා සිනමා නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට ආ හිමායා බණ්ඩාරටද සාරවිට තුළින් අප ඉඩක් වෙන් කළා. අදටත් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සෙනාලි ටිචර් ලෙස ඔබ අප කවුරුත් ආදරය කරන හිමායා උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න ඉන්නේ මේ වගේ සූදානමකින්.
හැම අවුරුද්දකම වගේ මම අවුරුද්ද සමරන්න මගේ ගම ගිනිගත්හේනට යනවා. ඒත්, මෙදාපාර මම යන්නේ නැහැ. මොකද, මගේ අම්මා නැතිවෙලා තවම මාස කිහිපයයි. ඒ නිසා සුළුවට චාරිත්‍ර ටික විතරක් කරනවා ඇරෙන්න මම අවුරුද්ද ලොකුවට සමරන්න මේ පාර හිතාගෙන නැහැ. කොළඹ මම අලුතෙන් ගත්ත නිවසේ තමයි මේ පාර මම අවුරුද්දට ඉන්නේ. ඉතින් ඒ නිවසේ පළමු වතාවට තමයි පොඩියට හරි අලුත් අවුරුද්ද මම සමරන්නේ.
අම්මා ඉන්න කොට නම් ඉතින් හැම අවුරුදු කෑමක්ම අපි හදනවා. කොකිස්, අලුවා, කැවුම් අතිරස, දොදොල්, රූලං අලුවා මේ හැම දෙයක්ම. මේ පාර නම් ඉතින් කිසිම අවුරුදු කෑමක් මම හදන්නේ නැහැ. අනික මම අවුරුදු කෑම නම් හදන්න ලොකුවට දන්නෙත් නැහැ. කැවිලි පෙවිළි ටිකක් කඩෙන් ගන්න තමයි මේ පාර මම හිතාගෙන ඉන්නේ.
අවුරුද්ද ඉතින් හොඳටම තියෙන්නේ ගමේ. හැම අවුරුද්දකම මම අනිවාර්යයෙන්ම ගමේ යනවා ඒ ආසිරිය විඳගන්න. මට කවදාවත් ගමේ අවුරුද්ද සමරන විදිහ අමතක වෙන්නේ නැහැ. කියන්නම ඕනා දෙයක් මගේ සමකාලීන කලාකරුවන්ට වඩා හොඳටම මම ගමේ අවුරුදු අසිරිය ගැන දන්නවා. ඒ වගේම හොඳට ඒ අත්දැකිම් විඳලත් තියෙනවා.
කැවිලි පෙවිලි ගත්තොත් මම ගොඩක්ම ආස රූලං අලුවා කන්න. අති රස නම් මම කන්න ආස නැහැ. කැවුම් කොකිස්, ආස්මි වලටත් මම ආසයි. කඩෙන් අරගෙන කනවට වඩා ගමේ මගේ අම්මා හදන ඒවා තමයි ගොඩක්ම රස මට. මේ පාර අම්මා නැති අඩුව මට තදින්ම දැනෙයි. විශේෂයෙන්ම අවුරුදු දවස්වල. අම්මා එක්ක අවුරුදු සමරනවා ඇරෙන්න මට වෙන සතුටක් තිබුණේම නැහැ.
අවුරුදු උදාවෙන දවස් දෙක තුනේ මම නිවසේ අයත් එක්ක තමයි ගොඩක් වෙලාවට රැඳෙන්නේ. බොහෝ කලා ශිල්පින් අවුරුදු දවස්වල රූපවාහිනි නාළිකාවල අවුරුදු වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. මම නම් එහෙම සම්බන්ධ වෙනවා අඩුයි. මොකද, මට හැමදාම අවශ්‍යය කළේ මගේ පවුලේ අයත් එක්ක හරියටම ගෙදර ඉඳගෙන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන්න.
මේ සැරේ නම් රටේ මිනිස්සු ගොඩක් අවුරුදු සමරන්නේ නැහැ. තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. මමත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නේ නැහැ. ඒත්, මගේ අදහසක් තියෙනවා අම්මාව මතක් වෙන්න කාට හරි අලුත් ඇදුම් ටිකක් අරන් දෙන්න. හැම අවුරුද්දම මම අම්මාට අලුත් ඇඳුම් අරන් දෙනවා. ගොඩක් දුකයි මෙදාපාර මට අම්මාත් එක්ක අවුරුද්ද සමරන්න බැරිවුණ එක ගැන.
බුද්ධික සේනාධීර