මොඩ්ලින් කළොත් බඩුවක්, නිළියක් වුණොත් බඩුවක්, සිරි ලංකන් ලොජික්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්. ඇය නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පල කරන රංගන ශිල්ප්නියක්. විවාහ වීමත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙලා ඇගේ පෞද්ගලික වැඩ කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතුත් එක්ක දැන් ඇය කාර්යබහුලයිලු. ඕෂධී දැන් පුංචි පුතෙක්ගෙ සහ දුවෙක්ගේ මවක්. ඇය නිතරම සමාජ ජාලාවල දකින්න ලැබෙන චරිතයක්. ඕෂධී පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරලා තිබුණා. එය යම් ආන්දෝලනාත්මක සටහනක් කිව්වොත් නිවැරදියි. එය පහත දැක්වෙනවා.

"බඩුවක්...
මොඩ්ලින් කලොත් බඩුවක්....
ගාමට් ගියොත් බඩුවක්....
කොටට ඇන්දොත් බඩුවක්....
නිලියක් උනොත් බඩුවක්....
ටැටූ එකක් ගැහුවොත් බඩුවක්....
කන දෙපොලකින් තුන් පොලකින් විද්දොත් බඩුවක්
කුනුහරපයක් කිව්වොත් බඩුවක්...
කොල්ලො එක්ක වැඩිපුර කතා කලොත් බඩුවක්
Fb Account එකක් තිබ්බොත් බඩුවක්....
කොන්ඩෙ ස්ට්‍රේට්...කලර් කරලා කොටට කපලා තිබ්බොත් බඩුවක්....
පාටි බැස්සොත් බඩුවක්....
ටික් ටොක් කලොත් බඩුවක්....
දාපු හායි එක්කට රිප්ලයි කලොත් බඩුවක්
රිප්ලයි නොදැම්මොත් ඒත් බඩුවක්...
සිරි ලංකන් ලොජික්
තමන් විදින්නෙ නැති විදවන ජිවිතේ අනිත් අය විදිනවා දකිද්දී
තමන්ට බැරි දෙයක් වෙන අය කරද්දි...
තමන්ට වඩා අනිත් අය ලස්සනට ජිවත් වෙද්දි ...
ඒවා දිහා බලන් ඉන්න බැරි මිනිස්සුට වෙන්නෙ
හැමදාම තමන්ගෙ
අඩුපාඩුවක් හොයා ගන්නවත් වෙලාවක් නැති වෙන ඒයි.."