මට ඉරිසියාවට කියන දේවල් නිසා මගේ රසිකයෝ මගෙන් ඈත් වෙනවා, මම බිරිඳ එක්ක හොදින් ජීවත් වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිවේදකයන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගන්න නිවේදකයෙක් විදියට රංගන ද සිල්වා හදුන්වන්නට පුලුවන්. හිරු නාලිකාවේ කොපි චැට් සහ උදෑසන පත්තර විස්තරය කරපු රංගන හදිස්සියේම හිරු නාලිකාවෙන් අයින් වෙලා ස්වර්ණවාහිනී නාලිකාවට යනවා. ඔහු හිරු එකෙන් නික්ම යෑම ගැන හැමෝම කතා බහ වෙන ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.

ඉතින් හිරු නාලිකාවෙන් අයින් වෙලා රංගන ස්වර්ණවාහිනී නාලිකාවට ගිහින් එතන හිත ඉල්ලන තරු වැඩ සටහන සහ උදෑසන පත්තරේ විස්තරේ වැඩ සටහන කලා. ඉතින් ඔහු නිවේදන කටයුතු කල මෙම වැඩ සටහන් සදහා ඉහල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. රංගන කරන හිත ඉල්ලන තරු බලන්නැති කෙනෙක් නැති තරමට ප්‍රේක්ෂකයො ඔහුගේ නිවේදනයට ආදරය කලා.

කලා තරු වගේම ප්‍රේක්ෂක ජනතාව ආදරය කරපු මේ දක්ෂ ජනප්‍රිය නිවේදකයා ගැන පසුගිය දා නරක පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්න පටන් ගත්තා. ඔහුට එල්ල කරන නින්දිත අපහාසාත්මක ප්‍රකාශයන්. ඔහු සහ බිරිද අතර ඇති වන පවුල් ජීවිත ගැටලු සහ ඔහු නිලියන්ගෙන් කප්පම් ගැනීම වැනිදේවල්. ඉතින් තමන්ට සිදු වන මෙම චෝදනා හමුවේ කාලයක් නිහඩව සිටි රංගන ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත් වූයේ ඔහුට ආදරේ කරන රසික ජනතාව ඔහුව ප්‍රතික්ශේප කිරීම හේතුවෙන්. ඔහු CID යට ඉදිරිපත් කරලා ඒ හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ආපු අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” නිහඩව මට චෝදනා කරනකම් බලන් හිටියා. මම කරන වැඩසටහන් ට්‍රෙන්ඩින් වන් වෙනවා බලන්න බැරි සුළු පිරිසක් තමයි මට මේ අභූත චෝදනා කරන්නේ. මේ විදියට මමත් මගේ ආදරණීය බිරිදත් CID යට ඇවිත් පැමිණිලි කලේ මේ ප්‍රශ්නයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන නිසයි. මමයි මගේ බිරිදයි බොහොම හොදින් සතුටින් පවුල් ජීවිතය ගත කරනවා. අපි දෙන්නා අතරේ කිසිම ප්‍රශ්නයක් නෑ. මේ යන පුවත සම්පූර්ණ අසත්‍යයක් යන්නේ. ඉරිසියාව කුහකකම ඇති පොඩි පිරිසක් තමයි මේ කරන්නේ. තවත් කෙනෙක්ට මේ වගේ දෙයක් වෙන්න දෙන්න නරකයි.


කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරෙත්වා
කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකෙරෙත්වා
කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා
සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා”