මට අවුරුදු 20 යි, අම්මා කෙනෙක් වෙන්න යන්නේ, ඒකට සූදානම් වෙනවා දැන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය වගීෂා සල්ගාදු. මේ වෙනකොට පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන ඇය සුන්දර ප්‍රේමවන්තියක් විදිහට. අතිශය ජනප්‍රිය යි. හිරු ටීවී ඔස්සේ විකාශය වන ජනප්‍රිය දිවිතුරා හි රාජිණි ලෙසිනුත් ඇය ඔබේ විසිත්ත කාමරයට ගොඩ වනවා. ඒ වගේම 'ළංවී' ටෙලි නිර්මාණයෙනුත් ඇයගේ දක්ෂ රංගනයන් දැකගත හැකියි. ළංවී හි පෙම්වතුන් විදියට රංගනය කරන්නේ වගීෂා සල්ගාදු සහ සචින් චතුරංගයි. හැමෝම හිතන්නේ මේ දෙදෙනා පුංචි තිරයේ වගේම සැබෑ ජීවිතේත් පෙම්වතුන් කියලා.

නමුත් වගීෂා කියන්නේ එහෙම එකක් නෑ කියලයි. ඉතින් ලංවී ටෙලිනාට්‍යයේ හැටියට හර්ෂිට දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් විදියට රංගනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අභියෝගය ගැන වගීෂා මේ විදියටයි පුවත් පත් මාධ්‍යයට අදහස් දක්වලා තිබුණා.

"මට අවුරුදු 20යි. නමුත් මම ලංවී ටෙලිනාට්‍යයේ අම්මෙක් වෙන්න හදන්නේ. දැන් ඒකට සූදානමින් ඉන්නේ. මගේ පොඩි වයසට ලැබුණු අභියෝගාත්මක චරිත රංගනය තමයි ලංවී කියන්නේ. මට බඩක් දාලා රගපාන්න බෑ කියලා මම කිව්වා. ඒ විදියට හැගීම ඇතුව රගපාන්න තමයි මම සූදානම් වුණේ..."