මගේ 75වැනි උපන්දිනයට මට ලැබෙන උතුම් තෑග්ග තරුණ අරගලයේ නියත ජයග්‍රහණයයි
ඩබ්ලිව් ජයසිරි කියන්නේ අපේ කලා ක්ෂේත්රයේ ඉන්න ජ්‍යේෂ්ඨතම සහ ප්රවීණතම රංගන ශිල්පියෙක්. ඔහු රඟපෑ චරිතවලට මෙන්ම ඔහු ගත කරන සාමාන්‍ය ජීවිතයටත් රසික රසිකාවියන්ගේ ආදරය ලැබෙනවා. පහුගිය දිනවල ඩබ්ලිව් ජයසිරි අරගලයන්ටද සහභාගී වුණා. කෙසේවෙතත් මැයි පලමුවැනිදා ඔහුගේ උපන්දිනයයි. සිය උපන්දිනය දවසේ තරුණයන්ගේ අරගලය පිළිබඳව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.
“මම ඉපදුනේ 1947 මැයි පළමුවැනි දා. අද මට වයස 75 ලබනව. ඊයෙ දවස, අප්‍රේල් 30 මම ගතකලේ මගේ වෘත්තීය සගයින් සමග නිදහස් චතුරස්රයේ සිට ගොටාගෝගමට ඇවිදිමින්. කි.මී.8ක් පමණ දුරක් මම මගේ දෙ පයින් පියමං කලේ වම්පසට මාලක දේවප්‍රිය ගේ හා දකුණුපසට රොෂාන් රවීන්ද්‍ර ගේ උරහිස්මතට වාරුවෙමින්. උං දෙදෙනාට පිං. හැත්තෑපස් අවුරුද්දක මගේ ජීවිතය තුල මම 1958 සිංහල-දෙමල කෝලාහලය, 1971 අප්‍රේල් කැරැල්ල, (83වර්ගවාදී සංහාරය වන විට මම විප්‍රවාසයෙ) 88 89 භීෂණය, 2004 සුනාමිය සියලූ විපත් දුටුවෙමි. දුර්දාන්ත පාලනයක් පෙරළීමට තාරුණ්‍යයේ ස්වයංජාත අරගලය තරං ජවසම්පන්න, ආදරය පිරුනු, සාමකාමී සිදුවීමක් මම මෙතෙක් නො දුටුවෙමි. මගේ 75වැනි උපන්දිනයට මට ලැබෙන උතුම් තෑග්ග තරුණ අරගලයේ නියත ජයග්‍රහණය යි.”