මගේ ජීවිතේ වටිනාම කෙනා නැතිවෙලා හරියට අවුරුද්දයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පියෙක් විදිහට කලා ක්ෂේත්‍රයට පිවිසෙන රනිල් කුලසිංහ පසුගිය කාලය පුරාවටම කටයුතු කළේ තරුණ අධ්‍යක්ෂකවරයෙක් විදිහට යි. හොම වුණත් නැවතත් ඔහු රංගනයට අවතීර්ණ වෙලාලූ. ඒ ගැන ඔහු, ලංකාදීපයේ රසඳුන අතිරේකයටත් තොරතුරු කියලා තිබුණා.

"ඇත්තටම අවුරුදු දෙකා හමාරකින් විතර මම රඟපෑවේ නෑ. ඒ වසර කිහිපයම මම කාලය වෙන් කළේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වැඩවලට. මේ තාක් අධ්‍යක්ෂණය කරපු නාට්‍යවල මම රඟපාලා නැහැ. මම අධ්‍යක්ෂණය පටන් ගද්දිම දාගන්න වාරණයක් තමයි මගේ නිර්මාණවල රඟපාන්නෙ නෑ කියන එක. අධ්‍යක්ෂණය කියන්නෙ ලොකු වගකීමක්."

තනිකඩ ජීවිතේ ගැන රනිල් කිව්වේ මෙහෙම කතාවක්...

"තනිකඩ ජීවිතේ හරිම පහසුයි. පෞද්ගලික ජීවිතේ සහ කලා ජීවිතේ ගත්තම ඇතිවීම්, නැතිවීම් කියන දේවල් සිද්ධ වෙලා තියෙන්නෙ එකක් දෙකක් නෙමෙයි. මගේ ජීවිතේ වටිනාම කෙනා මගේ අම්මා නැතිවෙලා හරියට අවුරුද්දයි. අම්මාගේ වියෝවත් එක්ක මගේ මුළු ජීවිතේම කඩා වැටුණා. අම්මා නැතිවුණ තැන ඉඳන් හිතද්දි මගේ ජීවිතේ වෙන ඕනම දෙයක් නැතිවීම් මට දරාගන්න පුළුවන්."

නැවත වතාවක් රනිල්ගේ ජීවිතේ වෙනසක් වේවී ද ?

"ගොඩක් දුර ඉදිරියේ දී ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ හදිසි තීරණ නම් ගන් නෑ. විවාහයේදී මම එක තැනකදී අසාර්ථක වුණා. ඒ ගැන හැරිලා නැවත හිතන්නවත්, කලකිරීමක්වත් මට නැහැ. හැමදේම කාලය විසින් විසඳාවී කියලා මම විශ්වාස කරනවා..."

නදීශා අතුකෝරළ