මගේ අවුරුදු 26ක රංගන ජීවිතය තුළ බඩ වුණ ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි
වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ තම රංගන හැකියාවන් මැනවින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ ඒත් චරිතාංග රංගන ශිල්පිනිය අපි කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පිණී දූලිකා මාරපන. නම ඇහුව පමණින්ම පමණින්ම ඇගේ කුසලතාවයන් ගැන ලොකු කුඩා කොයි කවුරුත් අද සමාජයේ දන්නවා.
තාත්වික රංගනයකින් ප්‍රේක්ෂකයා පිනවන ඇය වේදිකාව තුළත් ඉතා දක්ෂතා දක්වන රංගන ශිල්පිනියක්. කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපන විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පියෙක් වන සුජීව ප්‍රියලාල් සමගින්. හරිම සතුටින් ජීවිතය ගත කරන දුලීකා සහ සුජීව පසුගියදා ඔවුන්ගේ අලුත් වේදිකා නිර්මාණයක් එක්ක කාර්යබහුල වෙලා තිබුණා.
මේ වේදිකා නාට්‍යයේ ප්‍රචරණය සඳහා ඇය තම සමාජ ජාලාවල පළ කල විවිධ ඡායාරූප සහ සටහන් පසුගිය කාලවකවානුවේන් ආන්දෝලනය හේතු වුණා. විශේෂයෙන් දැය ගැබිණියක්ය යන කටකතාවට හැමෝගෙම අවදානය ලැබුණා. ඒ පිළිබඳව එක්තරා මාධ්‍ය වැඩසටහනකදී ඇය මෙසේ කියා සිටියා.
”මම මගේ අවුරුදු 26ක රංගන ජීවිතය තුළ බඩ වුන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. ඉතින් මම බඩ තියෙන ෆොටෝ එකක් එක්ක සටහනක් දැම්මා මෙච්චර කල් මම දකින්න හිටියෙ නැත්තෙ ඇයි කියලා ඇහුවා මෙන්න මේකටයි කියලා. අපි නිර්මාණාත්මක ව්‍යංගයෙන් ඒ දේවල් කිව්වේ. ඒක මිනිස්සු වැරදියට තේරුම් අරන්.”