මගේ අලුත් ගීතය මම ඇය නමින් නම් කළා
විවිධ තේමාවන් ඔස්සේ ගී නිර්මාණ කරන්නෙකු ලෙස ප්රසිද්ධ පසිදු ධනංජය ජයසේකර මේ වනවිට සිය අලුත්ම ගීතය එළිදැක්වීමේ සූදානමකින් සිටියි. ‘සාරවිට’ අප සමග එක්වෙමින් ඔහු මෙසේ සිය අලුත්ම ගීතය පිළිබඳව තොරතුරු බෙදාගත්තා.
ඔබ අලුත් නිර්මාණයකට සූදානම් වෙනවා කියලා ආරංචියි?
මේක මට ගොඩාක් වැදගත් ගීතයක්. මම ගීතය නෙමෙයි එළියට දාන්න කියලා හිතාගෙන හිටියේ. මම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ගීත හතරක් දැනට කරලා තියෙනවා. ඒත් ඒවා පොඩ්ඩක් පරක්කු වෙනවා. මොකද, මම ආසයි මේ ගීතය නිකුත් කරන්න. මම හදලා තියෙන ගීත හතරම හැදුවෙත් ගායකයෙක් වෙන්න ඕන නිසා. ඒත්, මේ ගීතය අහම්බෙන් වූ සිදුවිමක් පදනම් කරගෙන නිර්මාණය වුණේ. කොටින්ම කියනවා මේ ගීතය හැදුවා නෙමේ හැඳුනා කිව්වොත් හරි
මේ ගීතයේ විශේෂත්වය මොකක්ද?
කෙටියෙන් කිව්වොත් ගැහැණු ළමයෙක් මුල් වෙලා තමයි මේ ගීතය හැදුනේ. මේ ගීතය තියෙන්නේ අපි දෙන්නා අතරේ සිදුවුණු දේවල් කිහිපයක් පදනම්වයි. ඒකයි මම කිව්වෙ මේ ගීතය මම හැදුවෙ නෑ. ඒ හැගීම් සහ ඇය එක්ක අන්තීමට මට මුහුණ දෙන්න සිදුවුණු සිද්ධිදාමය මත හැදුනු ගීතයක් මේක කියලා.
ඔබ කියන විදියට මේ ගිතය නිර්මාණය වෙන්නේ ගැනු ළමයෙක් වටා. ඒ කතාව මොකක්ද?
සමාවෙන්න. ඒ කතාව මට මේ වෙලාවේ කියන්න බැහැ. ගීතය රසවිඳින කොට ඔබට මේ කතාව තේරුම් යයි කියලා හිතනවා මම.
ගීතය ඇය නමින් නම් කරන්න හිතුවේ ඇයි?
මට මේ ගීතය හැදුනේ එයාගේ නමත් එක්ක. ඒ නිසා මම කැමතියි එයාගේ නමින් මේ ගීතය එළිදක්වන්න. මට හිතෙන්නෙ මේ ගීතයේ වටිනාකම තියෙන්නෙ එයාගෙ නම දැම්මොත් තමා කියලා. ඒ නිසා මේ ගීතය මම ඇයගෙ නමින් නම් කරලා එළිදක්වන්න දැන් තිරණය කරලා තියෙනවා.
ඇය නමින් ගීතය නම් කිරිම හරහා ඇය යම් ගැටළුවකට මුහුණපායිද?
මම හිතනවා ඇයගේ නමින් ගීතය එළිදක්වන එක ප්රශ්නයක් නැහැ කියලා. මොකද, එකම නම තියෙන ගොඩාක් අය අද ඉන්නවා නේ.
මේක අපිට අහන්න ලැබෙන්නෙ කවදද එතකොට?
දැනට මේ ගීතයේ වැඩ කටයුතු ඉක්මණින්ම නිමා කරගෙන යනවා. නොබෝ දවසකින් මේ ගිතය අහන්න දකින්න ලැබෙයි මගේ ආදරණිය රසික, රසිකාවියන්ට.
බුද්ධික සේනාධිර