මගෙත් ජීවිතේ වැරදීම් වුණා. අපි දෙවිවරු නෙවෙයි - අජිත් මුතුකුමාරණ හඬ අවදි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"සුදු අරලියා මල" කැසට් පටයෙන් ලංකාවම හෙල්ලූ, අජිත් මුතුකුමාරණ කියන්නෙ "සකුරා රේන්ජ්" සංගීත කණ්ඩායමේ නියමුවා ද වනවා. 90 දශකයෙන් පස්සෙ කාලෙක දී තරුණ තරුණියන් පිස්සු වට්ටපු ගීත ගණනක් ගැයූ ගායකයා ඔහු යි. ඔහුගේ "සුදු අරලියා මල" කැසට් පටය පමණක් අතිශය පුදුමාකාර විදිහට වාර්තා අතරට එක්වුණා. 

මේ ඒ ගැන අජිත් කිව්ව කතාව..

"සුදු අරලියා මල හැදුණේ බොහෝම සුලු මොහොතකින්. එතකොට අපි (සකුරා රේන්ජ්) පසුබිම් සංගීතය සපයන කාලේ. එන අතරේ චන්න අයියා කිව්වෙ වැඩක් කරමු කියලා. චන්න ජයනාත් අයියා, එයා ළඟදි නැතිවුණා කොරෝනා හැදිලා. මම මට සිංදුව ලියපු හැමෝවම මතක් කරනවා ආදරෙන්. මම ප්ලේ කරන ගමන්මයි චන්න අයියා ලිව්වේ. අපි රෙකෝඩ් කළා. කැසට් එක ආපු ගමන් රෙකෝඩ් කරගන්න මැෂින් පවා හිරවුණා. ලක්ෂ 7ක් ගියා කැසට් එක. මම නොසිතූ විදිහට ජනප්‍රිය වුණා. දකුණේ ලොකුම ස්ටුඩියෝ එක හැදුවේ මගේ ගෙදර..."

සමාජ මාධ්‍යයේ විවේචන ගැන අජිත් කිව්වෙ මෙහෙම කතාවක්..

"විවේචන අපහාස එද්දි තනිවෙනවා. ඒකෙන් අපි හදාගන්නවා මොරාල් එක. මට මුල ඉඳන්ම ඕක තිබ්බා. මට චෝදනාවක් කළොත් මම ඒකට උත්තර දෙනවා. ඒක මගෙ විධිය. මගෙත් ජීවිතේ වැරදීම් අතපසුවීම් වෙනවා. අපි දෙවිවරු නෙවේ.. සීයට අනූ නවයක් අපි උත්සහා කරන්න ඕනේ මේක හදාගන්න. අපි සාමාන්‍ය විදිහට හිටියොත් ප්‍රේක්ෂකයෝ අපිව උස්සලා තියනවා. මම ස්ටේජ් එකේ විතරයි කලාකරුවා. අනිත් තැන්වලදි සාමාන්‍ය මනුස්සයෙක්.."