බයිස්කෝප් කතා ගෙනන ගලගෙදර
පැරණි දේශිය චිත්‍රපටවලට කැමති කොයි කවුරුත් ආදරයෙන් රසවිඳින වැඩසටහනක් තමයි බයිස්කෝප් කතා කියන්නේ. සෑම සෙනසුරාදා දිනකම සවස 5.30ට රිදී tv නාලිකාවේ විකාශය වෙන මෙම වැඩසටහන ප්‍රේක්ෂක ඔබ වෙත ගෙන එන්නේ දක්ෂ කලාකරුවෙකු වූ ජයරත්න ගලගෙදරයි.
බයිස්කෝප් කතා පටන්ගත්ත හැටි මුලින් කියමු?
දේශිය පැරණි චිත්‍රපට ගැන අවධානයෙන් පසුවෙන ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරගෙන තමයි මම මේ වැඩසටහන ඉදිරිපත් කරන්න ගත්තේ. විශේෂයෙන්ම පැරණි චිත්‍රපටවලට කැමති පිරිස වෙනුවෙන්. පැරණි චිත්‍රපටවල සිදුවුණ රසබර සිදුවිම් අලලා තමයි මේ විශේෂංග මම නිර්මාණය කළේ. ලංකාවේ පැරණි චිත්‍රපට ගැන මගේ තිබුණ දැනුමත්, ප්රවිණ නළුනිළියන් හා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධව වෙලා වැඩ කරපු පැරණි කලාකරුවන් සමග ඔවුන්ගේ අදහස් හුවමාරු කරගෙන තමයි මම මේ සියලු වැඩසටහන් නිර්මාණය කරන්න ගත්තේ. අද වෙන කොට මේ බයිස්කෝප් කතා යූ ටියුබ් නාලිකාව වටා ඉතා විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ඒ අයගේ ඉහළ ප්‍රතිචාර මේ වැඩසටහනට අදටත් ලැබෙමින් පවතිනවා.
මේ වගේ දෙයක් කරන්න අදහසක් ඇතිවුණේ කොහොමද?
මේක අද ඊයේ තිබුණ අදහසක් නෙමෙයි මගේ. මේ වැඩේ ගැන මම සැළසුම් යෙදුවේ තිබුණේ තිස්ස නාගොඩවිතාන මහත්මයා ජිවතුන් අතර ඉන්න කාළේ ඉඳලා. ඔහුත් එක්ක මම කතා කළා මේ ගැන. ඔහු මාව උනන්ඳු කළා මේ වැඩේ කරන්න මම අවශ්‍ය දේවල්වලට උදව් කරන්නම් කියලා. මොකද, ලංකාවේ පැරණි චිත්‍රපට හැම එකක් වගේ තිස්ස නාගොඩවිතාන මහත්මයා සංරක්ෂණය කරලා තිබුණා. ඒ හින්දා තමයි මම ඔහුට මේ අදහස ඉදිරිපත් කළේ. නමුත්, අවාසනාවකට ඔහු අපෙන් සමුගත්තා මේ වැඩේ ආරම්භ කරන්නත් කලින්. පස්සේ පසුකාලීනව මම තිස්ස නාගොඩවිතාන මහත්මයාගේ පුතෙක් වුණ හරේන්ද්‍ර නාගොඩවිතාන එක්ක කතා කළා මේ වැඩේ. ඔහු කිව්වා අවශ්‍ය චිත්‍රපට දර්ශන ගන්න මගේ වැඩසටහනට ඒක ගැටළුවක් නැහැ කියලා. ඔහුගෙන් ලැබුණ යහපත් ප්‍රතිචාරයත් එක්ක තමයි මම මීට වසර තුනකට විතර කලින් බයිස්කෝප් කතා කියන නමින් මේ වැඩේ පටන් ගත්තේ.
පුවත්පතකටත් ඔබ මේ විශේෂාංගය ලිව්වා නේද?
ඔව්, සති අග අරුණ පත්තරේ වැඩ කරනවා ක්‍රිශාන්ත පුෂ්පකුමාර කියලා මගේ හිතවතෙක් කිව්වා අරුණට මේ වගේ විශේෂාංග ලිපියක් ලියන්න කියලා. හිතේ තිබුණ ආසාවටත් එක්ක මම මේ වැඩේ ලියන්න පටන් ගත්තා. ඊට හොඳ ප්‍රතිචාරත් ලැබුණා. විශේෂයෙන්ම කලා ක්ෂේත්රයේ වැඩ කරන අයගෙන්ම. ඔය අතරේ තමයි අමතක වෙලා තිබුණ හීනේ යළිත් මගේ ඔලුවට ආවේ. සති අග අරුණට ලියන්න අවස්ථාව දුන්න ක්රිශාන්තට මම මේ අදහස කිව්වා. ඔහුත් කිව්වා වැඩේ පටන් ගන්න කියලා. ඊට පස්සේ තමයි බයිස්කෝප් කතා කියලා යූ ටියුබ් නාලිකාව මම ආරම්භ කළේ.
බයිස්කෝප් කතා දැන් රිදී tv නාලිකාවෙත් විකාශය වෙනවා?
ඔව්, හරේන් නාගොඩවිතානගේ මහත්මයා මගෙන් ඉල්ලීමක් කළා බයිස්කෝප් කතා විශේෂාංග ඔහුගේ රුපවාහිනි නාලිකාවෙත් පළ කරන්න කියලා. සෙනසුරාදා සවස 5.30ට මේ වැඩසටහන රිදී tv නාලිකාවේ විකාශය වෙනවා. ඊට අමතරව මේ වැඩසටහන එම නාලිකාව තුළම කිහිප වරක් නැවත විකාශය වෙනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා හරේන් හා චරිත් නාගොඩවිතාන දෙන්නාව. ඔවුන් මට විශාල සහයෝගයක් දුන්නා මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න. මේක මම අවස්ථාවක් කරගන්නවා හරේන් හා චරිත් දෙන්නාට මගේ කතෘවේදිත්වය පිරිනමන්න.
ඉදිරියේදී බයිස්කෝප් වැඩසටහන තුළ වෙනසක් කරන්න අදහසක් නැද්ද?
තියෙනවා. හැමදාම එකම රාමුවකට කොටු වෙලා මේ වැඩසටහන කළොත් බලන අයටත් ඒ පිළිබඳව තියෙන ඇල්ම, රසය අඩුවෙන්න පුළුවන්. ඒ නිසා මම උත්සාහ කරනවා නිතරම වගේ අලුත් දෙයක් මේ වැඩසටහන තුළින් ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න. ඉදිරියේදී ප්රවිණ රංගන ශිල්පින් හා ශිල්පිණියන් සමග ඔවුන්ගේම හඬින් මේ වැඩසටහන මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපේ වැඩසටහන තුළ ගොඩක්ම කතා වෙන්නේ පැරණි චිත්‍රපට වටා සිදුවු සිදුවිම් නේ. ඉදිරි නිර්මාණ වල පැරණි චිත්‍රපටවල වුණ මීට වඩා වෙනස් මුහුණුවරක් ගත් සිදුවිම් ගැන කතා කරන්න තමයි මම සැළසුම් කරමින් ඉන්නේ.
ඔබ පොතකුත් ලිව්වා නේද මේ සම්බන්ධව?
ඔව්, බයිස්කෝප් කතාන්දර නමින් පොතකුත් මම රචනා කළා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා සරසවි පොත්හලේ හිමිකරු එච්.ඩී ප්‍රේමසිරි මහත්මයාව. ඔහුගේ මැදිහත් වීම මත තමයි මගේ බයිස්කෝප් කතාන්දර පොත නිර්මාණය වුණේ. මේ පොත දැනටහත් සරසවි පොත්හල් වලින් මිළඳි ගන්න පුළුවන්.
බුද්ධික සේනාධීර