බැඳපු අලුත හදපු කෑමක් ගැන කියන ශෙරිල්
බොහෝ දෙනා හොඳින් හඳුනන රංගන ශිල්පිනියක්. ඒත් එක්කම පුංචි තිරයේ ගොඩක් අහිංසක චරිතවලට පණ දෙන ඇය හැබෑ ජීවිතයෙත් ගොඩක් නිහඬ චරිතයක් කිව්වොත් හරි. ඒත් මේ කියන්න යන්නෙ නම් ඇගේ රංගනය ගැන නෙවෙයි. ඇයත් ඇගේ ගෙදර සුන්දර බිරිඳක්. ඉතින් ඒ භූමිකාව ඇතුලේ ශෙරිල්ට පැවරිච්ච වැඩ රාජද්කාරි ඇතිනේ. ඉතින් ඒ අතරින් ප්‍රධාන දෙයක් තමයි ගෙදර ආහාරපාන හදන්නේ. තමගේම දෑතින් රසට කෑම හදලා කන්න වැඩිපුර කැමති ශෙරිල් ගොඩක්ම කැමති එළවළු රස රස විදිහට හදලා කෑමට එකතු කරගන්නකලු..
ඒත් එක්කම මුහුදු මාළු කියන්නෙත් ඇය ආස කරන කෑමක්.. ඒත් මේ කියන්න යන කතාව නම් පැණිරස කෑමක් සම්බන්ධ කතාවක්....
කොහොම වුණත් ස්ව්හෙරිල් නම් ඒ තරම් පැණි රස කෑම කන්න කැමති නෑලු.ශෙරිල් විවාහ වුණ අලුතම එයා දවසක් කේක් එක්කක් හදලා.
ඒත් ඒකට එයා හිතන්නෙ නැති දෙයක් තමයි වෙලා තියෙන්නේ. කේක් එක බේක් වෙන්න වෙලා තියලා ශෙරිල් ඒක බලන්න යද්දී ගෙදර උදව්වට හිටපු කෙනා තමයි ඒක බලන්න ගිහින් තියෙන්නේ.
කොහොම හරි ඒ කේක් එක උඩ කැරපොත්තෙකුත් ඉඳලා ඒත් එක්කම කේක් වගේ නෙවෙයි රෝස් පාන් වගේතමයි ලු ඒ කේක් එක අන්තිමට අවන් එකෙන් එලියට අරගෙන තියෙන්නේ.