පාසල් යන කාලේ වැඩිපුරම කළේ ක්‍රීඩා කටයුතු තමා
කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි කැළුම් ශ්‍රී කියන්නේ. මේ දවස්වලත් ඔහු රංගනයෙන් දායක වෙන ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ඒ අතරින් හිරු රූපවාහිනියේ දිග හැරෙන දිවිතුරා වගේම ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන සික්ස්ෆැක් ටෙලි නාට්‍යය විශේෂයි. මේ නිසාම සාරවිට තුළින් අපි ඔහුටද මෙසේ ඉඩක් වෙන් කළා.
නළුවෙක් නොවුණා නම් කැළුම් මොන වගේ වෘත්තියක් තෝර ගනියිද?
රංගනයට සම්බන්ධ නොවුණා නම් බොහෝ විට මම විදෙස් ගත වෙයි. කාලයක් මගේ හිතේ ඔය අදහස තිබුණා. විදෙස් ගත වෙලා රැකියාවක් කරලා ඒ රටෙම පදිංචි වෙන්න තමයි මම හිතාගෙන හිටියේ. නමුත්, මොකක්දෝ තිබ්බ වාසනාවකට මාව කලාව පැත්තට යොමු වුණා.
හැමෝටම හීන තියෙනවා නේ. කැළුම් හීනේ?
තෙරේන කාලේ ඉඳලා මගේ හීනේ වුණේ මාව ජනප්‍රිය කෙනෙක් වෙනවා දකින්න. මිනිස්සු අතරේ මාව කැපිලා පෙන්න මම ආස කළා. අහම්බෙන් අද මම රංගන ශිල්පියෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ හරහා මගේ පොඩි කාලේ තිබුණ හීනෙත් සඵල වෙලා තියෙනවා.
කැළුම්ට පාසල් කාලේ මතකද?
එක වසරේ ඉඳලා දහතුන වසර දක්වාම මගේ පාසල වුණේ මහනුවර පිළිමතලාවේ ශ්‍රී ලීලානන්ද මහ විදුහල. පාසලේදි මම ගොඩක් වෙලාවට නැඹුරු වුණේ ක්‍රීඩාව පැත්තට තමා. ඊට අමතරව මම නර්තනයත් කළා. අධ්‍යාපනයට නම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ඒ කාලේ.
පාසල් කාලේ ගැණු ළමයින්ගේ එහෙම ප්‍රතිචාර කොහොමද?
දැන් වගේම ඒ කාලෙත් ලොකු ප්‍රතිචාර තිබුණා ගැණු ළමයින්ගෙන් නම්. මගේ නිවස තිබුණේ පාර අද්දරමයි. වැලන්ටයින් දවසට ඉතින් ගැණු ළමයි චොකලට්, රෝස මල් වගේ දේවල් දාලා යනවා අපේ මිදුලට. විශේෂයෙන්ම පාසල් වැන්වලින් යන ගැණු ළමයි. ආදරේයි කියපු ගාණ නම් හිතාගන්නත් බැහැ ඒ කාලේ මට.
ඔබට තියෙන්නේ නම් අහිංසක පෙනුමක්?
අහිංසක පෙනුමක් තියනවා කියලා තමයි ගොඩක් අය නම් කියන්නේ. ඔව් මාත් හිතනවා මට තියෙන්නේ අහිංසක පෙනුමක් කියලා. මම සරළ ජිවිතයක් ගෙවන කෙනෙක්. ඕනෑම කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරනවා.
කලා ක්ෂේත්රය තුළ ඔබ කැමති නළුවෙක් ඉන්නවාද?
මම කැමතියි හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්රියෝට. ඔහුගේ රඟපැම් වුණත් විශේෂයි. නිතරම වගේ මම ඔහු රංගනයෙන් දායක වුණ චිත්‍රපට එහෙම නරඹනවා. ඔහු රඟපෑ ටයිටැනික් චිත්‍රපටය පවා මම කිහිප වරක් නැරඹුවා.
චිත්‍රපට නරඹන්න කැමතිද?
ඔව් ගොඩක් කැමතියි. මොකද රංගන ශිල්පියෙක් වුණාම චිත්‍රපට ටෙලි නාට්‍යය බලන්න ඕනා. මොකද ඒ නිර්මාණවලින් අපට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. චිත්‍රපට ගත්තොත් මම ගොඩක් වෙලාවට නරඹන්න කැමතියි අභිරහස් ගනයේ ඒවා.
බුද්ධික සේනාධීර