පසුගිය දවස්වල සද්දයක් නැතුව හිටපු යොහානි, ජැකලින් එක්ක කරපු අලුත්ම වැඩේ බුකිය අවුලවයි
'යොහානි' කියන්නෙ 'මැණිකේ මගේ හිතේ' කියන එකම එක ගීතයෙන් ජාත්‍යන්තරයටත් ගිය අපේ කෙල්ලෙක්. ඒ වගේම මේ ගීතය නිසාම බොලිවුඩයේ දැවැන්තයින් මුණ ගැහෙන්නත් ඉන්දියාවට යන්න එන්නත්, එහි ප්‍රසංග පවත්වන්නත් යොහානිට වාසනාව ලැබුණා.
කොහොම වුණත්, මේ වෙනකොට ලංකාවේ අරගලය තුළ නම් ඇයව වැඩිපුර දකින්න ලැබුණේ නැහැ.
ඒ ගැන කලා ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට විවේචන ද එල්ල කර තිබුණා. කොහොම වුණත්, ජැකලින්ගේ ආරාධනාව මත ඇය ඊයේ පෙරේදා දවසක අලුත් වැඩ කටයුත්තකට එකතු වෙලා තිබුණා.
එම අවස්ථාවට ජැකලින්ට ස්තුති කරමින්, යොහානි පළ කිරීමක් ද කර තිබූ අතර, එය පහතින්.