පෙරළිකාර හිරු එෆ්.එම් 24 වන සංවත්සරය සමරයි
ශ්‍රි ලාංකීය ගුවන් විදුලි වංශකතාවේ කිරුළු පලන් රජු හිරු එෆ් එම් 1998 ජුලි 01 වනදා විකාශනය ආරම්භ කරමින් ශ්‍රී ලාංකීය ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවට නිරන්තරයෙන් නැවුම්වත්, සොඳුරු වූත් අත්දැකිම් තිළිණ කරමින් සිය අභිමානවත් 24 වන සංවත්සරය අදට යෙදී තිබේ.
හිරු මාධ්‍ය ජාලය රේඩියෝ, ටෙලිවිෂන්, සයිබර් අවකාශය පමණක් නොව සමාජ මාධ්යජාලවලද අංක 1 බවට පත් වන්නේ හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සෘජු මගපෙන්වීම නිසාය. ගෙවුණු 24 වසර පුරාවටම ශ්‍රි ලාංකීය ජනතාවගේ ජීවිතයේ එක් කොටසක් බවට හිරු පත්වන්නේ සතුටට පමණක් නොව දුක බෙදාගන්නත් හිරු අමතක නොකළ නිසාවෙනි.
ඔබේ හදවත් තුළ නොමැකෙන මතකයන් තැබු වැඩසටහන් රාශියක් නිර්මාණය කරන්නට හිරුට හැකියාවක් ලැබිණි. ප්‍රාසාංගික වේදිකාවේ හිරු මේගා බ්ලාස්ට්, හිරු බඩී බ්ලාස්ට් ආදී ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයන් ද, ශ්‍රි ලාංකේය සිනමාවේ උන්නතිය උදෙසා හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් ආදී නිර්මාණයන් ද, පිහිට අවැසි සෑම විටම ඔබ ළඟ රැඳුණු හිරු නම් සල්ලි තමයි, හිරු සහන යාත්‍රා, හිරු සල්ලි වැස්ස ආදී අද්විතීය නිර්මාණයන් ද හිරු ජනතාව වෙනුවෙන් තිළිණ කළහ.
හිරු 24 වැනි සංවත්සරයට සමගාමීව ජනතාවගේ කාලීන අවශ්‍යතාවයන් තේරුම් ගත් නාලිකාවක් ලෙස හිරු මාධ්‍ය ජාලය, ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව යමින් හිරුගේ 24 වන සංවත්සරය යෙදෙන ජුලි 01 වනදා සිට 96.1න් 96.3න් හිරු ශ්‍රවණය කරන ඔබට දවස පුරා මාසය පුරා රුපියල් දසලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මලු රැසක් නිවසටම ලබාදීමට සුදානම් වේ.
තවද හිරුගේ 24 වන සංවත්සර සැමරුම වෙනුවෙන් ජුලි 01 වනදා උදෑසන 10.00 සිට දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් 02ක් වන කුරුණෑගල ආශා සහ සීදුව බ්‍රේව් සමග දිවයිනේ ජනප්‍රිය ගී තරු රැසක් සහභාගී කරගෙන දැවැන්ත සජීවී සංගීතමය අත්දැකීමක් ලබාදීමටත් හිරු සුදානම් වේ. හිරුගේ නවතම පෙරළිකාර අත්දැකීම් සමග දිගින් දිගටම හිරු සමග රැඳී සීටිමට හිරුගේ වත්කම වුණු ශ්‍රාවක ඔබට හිරු පවුල ඇරයුම් කරන්නෙමු.