ප්‍රසිද්ධියේ බැන්ඳා නම් දික්කසාද වෙන්න බැරි ඇයි ? මොකටද ලැජ්ජ වෙන්නෙ
ගිවන්ත අර්ථසාද් කියන්නෙ එදා පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්. නමුත් පසුගිය කාලේ දී නම් ඔහු වැඩිපුර දකින්න ලැබුණේ නැහැ. මෑතක යූටියුබ් නාලිකාවක් හා සාකච්ඡාවකට එක්වුණු ගිවන්ත, බැඳීම් සහ විවාහය ගැන මේ විදිහේ දෙයක් කිව්වා.
"ඔයා යන්න ඕනි කෙනෙක් නම් යන්න.. යනවා නම් යන්න මාව දනුවත් කරලා.. හේතුවක් කියලා.. හොරෙන් ගියොත් ඝට්ටනයක් ඇති වෙනවා. අනිත් බැඳීමට ආසාධාරණයක්... ප්‍රසිද්ධියේ යාලුවුණා නම් බැන්ඳානම් ප්‍රසිද්ධියේ අපිට වෙන් වෙලා යන්නත් පුලුවන්.. ඒක ලෝකෙ ස්භාවය.. මොකටද ලැජ්ජ වෙන්නෙ. බඳිනවා කියන්නෙ මොකද්ද, එතන සෙක්ස් තියනවා. ඒක ලෝකෙම දාන්නවා බැන්ඳම වෙන දේ.. වෙන් වෙන එකෙ ලැජ්ජාව මොකද්ද. මගේ අදහස් ගැළපෙන්නෑ. ලිංගිකත්වය ගැළපෙන් නෑ කියලා වෙන් වෙන්න පුලුවන්.. ගෑනූ ළමයි සීයක් එක්ක හිටියත් අවුලක් නෑ. දැන දැන සම්බන්ධ වෙනවා නම් එක ගැටලුවක් නෑ. ආදරේ මනින මිම්මක් නෑ. අවස්ථාව ට අනුව තමා ආදරේ හැඩ ගැහෙන්නෙ.."