ප්රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා කහවිට අවසන් කටයුතු අද
ප්රවීණ සිනමා රංගන ශිල්පිනී ස්වර්ණා කහවිට දිවියෙන් සමුගනී. වසර පනහකට අධික කාලයක් සිනමාවට සේවය කළ ඇය කලක් රෝගාතුරව සිටියා. ප්රවීණ චිත්රපටවේදී ආරියරත්න කහවිට ඇගේ වැඩිමල් සොහොයුරා වූ අතර ඔහු අධ්යක්ෂණය කළ වෙසතුරු සිරිත චිත්රපටය හරහා ස්වර්ණා කහවිට සිනමාවට පිවිසියා. ඊට අමතරව බිනරමලී, රහස් දූපත, රෑණ ගිරව්, සිරිල් මල්ලී, රං ඔන්චිල්ලා, අභිරහස ඇතුළු චිත්රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නා.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 24දා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.