ප්‍රවීණ නර්තනාචාරිනී උපුලී පණීභාරතගේ උපන්දිනය දවසේ අසේකා එක්කළ ආදරණීය සටහන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හඳුනන නර්තන ශිල්පිනියක්.. ඒ වගේම සුන්දර මවක් , බිරිඳක්. මේ කියන්න යන්නේ අපේ රටේ නර්තනයේ තවත් එක් සලකුණක් ගැනයි. ඇය අද 60 වන උපන්දිනය සමරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි හැමෝම හඳුනන නර්තනාචාරිණී උපුලී පණීභාරතයි. ඇය ගැන ඉතාමත් ආදරණීය සටහනක් ඇයගේ දියණිය අසේකා සිය මුහුණු පොතට එක්කර තිබුණා.

ඔවුන්ගේ ජීවිතයට රසවත් මතක එක්කරන ජීවිතය අර්ථවත් කරන වගේම ජීවිතයට ශක්තියක් වෙන ආදරණීය අම්මාට සුබම සුබ උපන්දිනයක් වේවා..! කියා තමයි ඇය මේ සටහන තබා තිබුණේ.

ඉතින්  අපේ රටේ අග්‍රගන්‍ය නර්තන යුවලක් වන මේ ආදරණීය  ශිල්පීන් දෙපල අපේ රටේ සුවහසක් නර්තනයට ආදරය කරන ගෝල පරම්පරාවක් මේ වන විටත් බිහිකර  අවසන් වගේම අනාගතයටත් දායාද කරමින් ඉන්නවා. ඉතින් තව තවත් ඒ වැඩකටයුතු සාර්ථක කරගන්නට හැකිවෙන නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියා අපිත් ඇයට ප්‍රාර්ථනා කරනවා.