පියුමි හංසමාලි පෙම්වතා එක්ක ගහපු ටැටූ එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් කතාකරන්න කැමතිම මාතෘකාවක්නේ. ඇයගේ අලුත් විස්තර ගැන දැනගන්නත් අපේ රටේ ගොඩක් ප්‍රේක්ෂකයින් ආසාවෙන් ඉන්නවා. ඒක නිසානේ පියුමිමිගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ප්‍රේක්ෂකයින් මිලියන දෙකකට ආසන්න පිරිසක් එකතු වෙලා ඉන්නේ. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය වල පුවත් මවන චරිතයක් වන ඇය විලාසිතා වලටත් ගොඩක් කැමති කෙනෙක්නෙ. ඒ වගේ අලුත් විලාසිතා නිසාම තමයි පියුමි ගැන ගොඩක් අය කතාකරන්නේ.

ඇත්තටම ඇය දැන් පෙම්වතියක් කියලා පසුගිය දවසක පැවසුවා. ඉතින් ඇය පෙම්වතා එක්ක තවත් ලස්සන වැඩක් කරලා තිබුනා. ඒ තමයි දෙන්නගෙම අතේ ටැටූ දෙකක් ගහලා තිබුනා. පෙම්වතාගේ අතේ තිබුනේ පියුමි කියලා, එතකොට පියුමිගේ අතේ ලියලා තියෙන්නේ තමන් වැඩියෙන්ම ආදරේ කරන ආදරණීයම තිදෙනා අම්මා, පුතා සහ ආදරවන්තයා නම් තුනයි. පෙම්වතා එක්ක ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකට ලස්සන ෆොටෝ එකක් දාලා කියලා තිබුනේ my world කියලා.