පියුමි බොතේජු, තරින්දි වෙනුවෙන් ලියූ ආදරණීය ලියමන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"රැල්ල වෙරළට ආදරෙයි" හි "කැතරින්" ඇය දැන් හැමෝගෙම ආදරය දිනාගත්ත සුන්දර රුවැත්තියක්. ක්ෂේත්‍රයේ බොහෝම නිහතමානී කෙනෙක් වුණු තරින්දිගේ උපන්දිනය අද. ලැබෙන දහසකුත් උපන්දින සුබ පැතුම් අතරේ තරීට එකම එක විශේෂ සුබ පැතුමක් තිබුණා. ඒක ලැබුණේ පියුමි බොතේජුගෙන්.

මේ තියෙන්නෙ ඒ සුබ පැතුම...!!

තරින්දි, තවම අපි දෙන්නට එකම නිර්මාණයකවත් වැඩ කරන්න ලැබිලා නෑ ඒත් සාද වලදි අපි මුණ ගැහෙනවා, කනවා බොනවා, කතාකරනවා ඔච්චර තමයි.  ඒත් තාත්තී මාව දාල ගිය වෙලාවේ තරින්දි අපේ ගෙදර ආවේ බෑග් එකකුත් අරගෙන " අක්කේ මන් ආවේ ඔයා එක්ක ඉන්න " මන් ආයෙත් වතාවක් තරී දිහා බැලුවේ කිව්ව කතාව ශුවර් නැතුව තාත්තිට අවසන් ගෞරව දක්වන්න ආපු අය යද්දි මගේ ලගම පුටුවකට වෙලා තරී මා එක්කම හිටියා. කන්න බොන්න විතරක් එකතු වෙන යාලුවෝ අතරේ දුකකදි පිහිටවෙන මේ යාලුකම මාරයි. තරී දැන් අපේ පවුලේ කෙනෙක් වෙලා.
තරී හරිම දක්ශ කෙල්ලෙක් මොන චරිතය ලැබුනත් උපරිමයෙන්ම ඒක කරනවා.  ක්ෂේත්‍රයේ හොද ගමනක් යන්න පුලුවන් කෙනෙක් 
ඉතින් මේ ආදරණිය කෙල්ලගේ උපන්දිනය අදනේ හිතන පතන හැමදේම සාර්ථක වෙන ජිවිතේ සතුට උතුරන්න ලැබෙන සුබ උපන්දිනයක් වේවා! නංගියෝ ආදරෙයි.