පුතුගේ අලුත් ආරම්භයට, අම්මා සුබපැතුම් එකතු කළ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දරුවන්ගේ අධ්‍යාපනය ගැන දෙමාපියන්ට තියෙන්නෙ සෑහෙන ලොකු බලාපොරොත්තුවක්. හීනයක්. ඉතින් ඇස් දෙක වගේ පරිස්සම් කරන දරුවො ඉස්කෝලේ යන පළවෙනි දවස කියන්නෙ ඔවුන්ට ගොඩක් වටින දවසක්. නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වාත් ඇයගේ පුතු පාසල් යන පළවෙනි දවස ගැන මේ විදියට සටහනක් තබා තිබුණා.

"මගේ රත්තරන් පුතුකි, ගොඩක් දිග සංචාර පටන්ගන්නෙ එකම එක පුංචි පලවෙනි පියවරකින්. ඉතින් ඔයා අද මේ අලුතින් පටන් ගන්න පාසල් ගමනත්, ජීවිතේ දිග සංචාරයක පලවෙනි පියවර වගේමයි. හොඳින් ඉගෙනගන්න මගේ පුතේ.. අපි ලෝකයේ කොතැනක ගියත් දැනුම තමයි වටිනම දේ වෙන්නෙ. ඔයාගේ හැම ගමනකදි ම සෙවණැල්ල වගේ අම්මි ඔයා එක්ක ඉන්නවා. කූඩුවේ හැදෙන පුංචි කුරුලු පැටියෙක් වගේ අද ඉන්න ඔයා, කවදහරි ලස්සන නිදහස් ලෝකයකට ඔයාගෙම අත්තටුවලින් ඉගිලිලා යන දවසට, ඒක දිහා හරිම සතුටින් බලන් ඉන්න එක තමයි අම්මිගෙ ලොකු ම සතුට.! ඒක තමයි අම්මිගෙ බලාපොරොත්තුව..

ඔයා දිහා බලාගෙන නිතරම මං කල්පනා කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි, ඔයා වගේ හොඳ පුතෙක් ලබන්න මම කොච්චර වාසනාවන්තද..? කියන එක.

මගේ පුතාට මං ගොඩක් ආදරෙයි. ඔයාට ජේසු පිහිටයි!!!

මං, ඔයාගේ

- ආදරණීය අම්මා

School is the best place to exercise positive thoughts. I am sure you will have a great year ahead. Wish you the best first day in school. May you find success in everything you do!