පුංචි තිරය හැඩ කරපු සුරූපී නිළි ඉරේෂා ගැන ඇසෙන අලුත්ම ආරංචිය
ඉරේෂා කොහොමද මේ දවස් වල අලුත් තොරතුරු?
ඔව්. මේ දවස් වල ජීවිතයේ අලුත්ම වෙනසක් සිද්ධ වෙන්න යන්නේ. ඒ කියන්නේ මගේ තුන්වැනි බබා ලැබෙන්න තව කෙටි කාලයයි තියෙන්නේ. ඇත්තටම ඒක මගේ ජීවිතේ හීනයක් වගේ දෙයක්.
ඔබට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා. එතකොට තුන්වෙනි බබා ලැබෙන එක හීනයක් වගේ දෙයක් කියලා ඔබ ඒක විශේෂ කලේ ඇයි?
ඇත්තටම ඒක විශේෂ වෙන්නේ මට ඉන්නේ පුතාලා දෙන්නෙක් නේ. මම ලොකු ආසාවකින් හිටිය දුවෙක්ට. ඉතිං මගේ ඒ ආශාව ඉෂ්ට වෙනවා තව ටික දවසකින්. මට ඇත්තටම මගේ තුන්වෙනි බබා හැටියට ලැබෙන්නේ දුවෙක්. ඒක ඉතිං ඇත්තටම මගේ ජීවිතේ හීනයක් හැබෑ වීමක් තමයි.
එතකොට මේ දවස් වල කලා කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? අපි දැක්කා ඹබ මේ දවස් වල ටෙලි නාට්‍ය කිහිපයක රංගනයෙන් දායක වෙනවා.
ඔව්. ඇත්තටම පහුගිය දවස් වල ටෙලි නාට්‍ය දෙකක් සඳහා රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. එම නාට්‍ය දෙක පටිගත කරන කාලයේ තමයි මට මේ තුන්වෙනි දරුවා ලැබෙන්න ආවේ. ඉතින් මම ඒ බව නාට්‍ය අධ්යක්ෂවරයාට දැනුම් දුන්නා. ඒ නාට්‍යයේ දෙකේම අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කළේ ඉරේෂ් ලොකු බණ්ඩාර මහත්මයා. ඉතින් ඊට පස්සේ ඇත්තටම මටත් අවහිරයක්, බාධාවක් නොවෙන්න ඔහු ටෙලි නාට්‍ය දෙකම අවසන් වෙනකන් රූගත කිරීම් සිදු කළා.
එතකොට ඔබගේ ශරීර ස්වරූපයේ වෙනස්කම් සිදු වෙනකොට එය නාට්‍යයේ චරිතය සඳහා බාධාවක් වුණේ නැද්ද?
ඇත්තටම ඒක තමයි මං කිව්වේ, අධ්‍යක්ෂකවරයා සහ ඒ නාට්‍ය කාර්ය මණ්ඩලයේ සාර්ථකත්වය සහ සහයෝගය නිසාම ඔවුන් මගේ ශරීරයේ හැඩය වෙනස් වීම ප්‍රේක්ෂකයාගෙන් වසන් කරලා, එම තිරගත කිරීම කටයුතු වෙනස් කැමරා කෝණ වලින් සිදු කලා. ඒ අනුව නාට්‍ය අවසන් වෙනකන්ම ඒ කටයුතු සාර්ථකව සිද්ධ වුණේ එහෙමයි.
දැන් ඔබ මවක් වෙන්න යන්නේ. එවිට කෙටි කලකට හෝ මේ ක්ෂේත්රයෙන් ඔබට ඈත් වෙන්න සිද්ද වෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?
ඇත්තටම මම කලාවට ආදරෙයි. මේ ක්ෂේත්රයට මම කැමතියි. මම එදත්, අදත්, කවදත් රඟපෑවේ නිර්මාණ තෝරාගෙන. ඉතින් ඒ අනුව මම කලින් බබාලා දෙන්නා ලැබුණු වෙලෙත් ක්ෂේත්රයෙන් කාලෙකට ඈත් වුණා. ඒ වගේම මේ තුන්වෙනි බබා ලැබුණට පස්සෙත් ඒ වෙනුවෙන් මම යම් කාලයක් ඈත්වෙලා ඉන්න පුළුවන්. නමුත් දුව ටිකක් ලොකු උනාට පස්සේ කලා නිර්මාණ සදහා නැවතත් සුපුරුදු ලෙස දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඡායාරූප - ජනක කඳනආරච්චි