නළුවෙකු වීමට දුටු සිහින කන්දක් - රංජන් රාමානයක ගැන නොඇසූ කතාවක් කරළියට
රන්ජන් ඉපදුණේ මුදල් හදල් යහමින් ඇති පවුලක නොවේ. ඔහු අධ්යා පනය පැත්තෙන්ද විශාල දුරක් නොගියේය. ශ්රී ලංකාවේ බොහෝ තරුණයන්ට මෙන්ම ස්ථීර රැකියාවක් නොවීය. විධායක රැකියාවක් ලබා ගැනීමට ඔහුට උපාධි සහතිකද නොවීය.
පාර්ලිමේන්තු මන්ත්රීතවරයකු වී වියපත් වූ පසු අවුරුදු දහඅටේ වයසේ දරුවන් පෙනී සිටි උසස් පෙළ වැනි විභාගවලට ඔහු පෙනී සිටියේ එබැවිනි. ඔහු එම විභාගවලට පෙනී සිටියේ ප්රදසිද්ධියේය. එය ඔහුට ලැජ්ජාවට කරුණක් නොවීය.
තරුණයකුට ලැබෙන කඩවසම් බව ඔහුට උපතින්ම උරුම වූයේය. රැලි ගැහුණු සරුවට වැඩුණු කොණ්ඩයක් මෙන්ම පිරිපුන් පෞරුෂයක් ඔහුට ලැබී තිබුණි.
කොච්චිකඩේ විශාල ගෙවත්තක පිහිට උළු සෙවිලි කළ පැරණි පන්නයේ නිවසේ ඔහු මුල් කාලයේදී කුකුළු ගොවිපොළක් පවත්වාගෙන ගියේය.
ඔහුට අවශ්යප වූවේ ඥාතීත්වයක්ද ඇති විජය කුමාරතුංග වැනි ආකර්ෂණීය මිනිසකු වීමටය.
විජය ද තිරයේ වීරයා මෙන්ම ජනතාව අතර ද වීරයකු වූවේ ඔහුගේ නිහතමානී ප්රිසන්න ගතිගුණ නිසාමය.
රන්ජන්ට අවශ්යව වූයේ විජය වැනි නළුවකු වීමටය. එය පිස්සුවක් යයි කීවද වැරදි නැත. ඔහුම පවසන පරිදි විජය කුමාරතුංගගේ ආකර්ෂණයෙන් ජනතාව ඔහු වටා පෙළගැසෙන ආකාරයෙන් ඔහු වටාද ජනතාව පෙළ ගැසෙනු දැකීම රන්ජන්ගේ බලාපොරොත්තුව විය. එසේ නැතිව නළුවකු ලෙස කලාත්මක චිත්රනපටවල පමණක් රඟපාන හොඳම නළුවා වීම පමණක් නොවේ.
සිහින කන්දක් අතරින් ඔහු නළුවකු වීම සඳහා අපිරිමිත උත්සාහයක් ගත්තේය. සෝමරත්න රාමනායකගේ ජය කොතැනද? චිත්රළපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණ ද එය ඔහුට තම ඉදිරි ගමනට ප්රමමාණවත් නොවීය.
විජයගේ ඥාතීත්වයත් ජය කොතැනද? තුළින් සිනමාවට පිවිසීමත් ඔහුගේ ගමනට ප්රගසිද්ධියක් ලබා ගැනීමට සෑහුණේ නැත. ඒ කාලයේ එවන් නළුවකුට මාධ්යා මගින් ලැබෙනුයේ සාමාන්යග ප්රමචාරයක් පමණි.
බොහෝ නවකයන්ට අතහිත දුන් සිනමා ලේඛකයකු වූ සුනිල් හොරේෂස් ඔහුට සරසවියෙන් ප්රාචාරයක් ලබා දුන් අතර දිනෙක ඔහු තරුණයා පුවත්පත වෙතද කැඳවාගෙන ආවේය.
ඒ එකල බොහෝ නවකයන්ගේ මුල්කවර විලාසිතා ආදිය තරුණයා පුවත්පතේ පළවූ බැවිනි. රන්ජන්ගේ විලාසිතා ඡායාරූප කීපයක් තරුණයා පසුපිටේ පළකර දීම සුනිල්ගේ ඉල්ලීම විය. සුනිල් එවැනි බොහෝ නවක නළුවන් විලාසිතා තීරුවේ ඡායාරූප පළකර ගැනීම සඳහා තරුණයාට කැඳවාගෙන ආවේය.
ඒ අනුව රන්ජන්ගේ විලාසිතා ඡායාරූප ගැනීමට දිනයක් නියම කරගත් අතර ඡායාරූප ශිල්පියා වූවේ ඇන්ටන් ජෝය. දර්ශන තලය වූවේ විහාරමහා දේවි උද්යාමනයයි.
ඡායාරූප ගත් දිනයේ පටන්ම රන්ජන් ඡායාරූප ගැන අසා අපට ඇමතුම් දුන්නේය. ඒ අතර ඇන්ටන් පෝස්ට්කාඩ් ප්රපමාණ ඡායාරූප විස්සක් පමණ මුද්රුණය කරගෙන පැමිණ තිබිණ. ඉතා හදිසියේ රන්ජන්ගේ ඡායාරූප පළ කිරීමේ අවශ්ය තාවක් නොවීය.
රන්ජන්ගේ ඡායාරූප සුන්දර විය. ඒ අතර එක් ඡායාරූපයක් වඩාත් ආකර්ෂණීය විය. ඒ උද්යාසනයේ ඔන්චිල්ලාවක් අසල ගත් ඡායාරූපයකි.
මම එම ඡායාරූපය විශාල කරගෙන එන ලෙස කීවෙමි. ඇන්ටන් විමතියෙන් මා දෙස බැලුවේය.
කවරයක් දාන්නදැයි ඇන්ටන් ඇසුවේය.
‘බලමු’ යි මම කීවෙමි.
ඇන්ටන් ඉගිල ගියේය.
විශාල කළ කවර ඡායාරූපය වඩාත් ආකර්ෂණීය විය. ඒ වන විටත් රන්ජන්ට ඇන්ටන් හරහා පණිවුඩය ගොස් හමාරය.
කවරය, පුවත්පතේ මුද්රරණය විය. ඔහු යළිත් වරක් ඇමතූ විට කවරය මුද්ර ණය වී ඇතැයි මා පැවැසූ කල ඔහු එය පිළිනොගත්තේය. “බොරු නේද කියන්නේ” මම එන්නද බලන්න යැයි මගෙන් ඇසූ විට බලන්න දෙන්නම් හැබැයි පත්තරේ දෙන්න බෑයි මම කීවෙමි.
ඔහු එවෙලේම ගෙදරින් පිටත් වී කොළඹ ආවේය. කවරය දුටු ඔහුගේ සතුට නිම්හිම් නැති විය. එය ඔහුට අදහාගත හැක්කක් නොවීය.
පසුකලෙක ඔහු කියා තිබුණේ එම කවරය රැගත් තරුණයා පුවත්පතේ කලාප 50 ක් පමණ මිලට ගෙන (ගණන කීයදැයි මට හරිහැටි මතකයක් නැත) බයිසිකලයක නැගී ගමේ පිරිසට බෙදූ බවයි.
මේ දිනවලම විජය ධර්ම ශ්රී් ‘භාග්යාන’ ටෙලිනාට්යණය සඳහා නළුවකු සොයමින් සිටියේය. ඇතැම් විටෙක රන්ජන්ගේ මේ ආකර්ශනීය ඡායාරූපය ඔහුට ඒ සඳහා කිසියම් පිටිවහලක් වන්නට ඇත.
කෙසේ හෝ ‘භාග්යාා’ ටෙලි නාට්යවයේ ප්රතධාන චරිතය ඔහුට ලැබුණි. එහි ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑවේ පසු කල ඛේදනීය මරණයකට ගොදුරු වූ රූ රැජිනක වූ රමණී බර්තෝලමියුස්ය.
‘භාග්යාම’ විකාශය විය. එක් කොටසක කෙටි ටෙලි නාට්යචයකි. ලැබුණේ සාමාන්යු ප්රයතිචාරයකි.
ඔය අතරතුර රන්ජන් නිරතුරුවම අප හමුවන්නට පැමිණියේය. බොහෝ විටෙක ඔහුගේ විශාල බෑගයේ ඇඳුම් කීපයක් විය. හදිසියේ කොළඹ නවතින්න සිදුවුවහොත් ඒ සඳහා හැම විටම ඔහු සූදානම්ව පැමිණියේය.
එක් සැඳෑවක ඔහු මට හමුවූයේ සැඳෑ සාදයකදීය. ඔහු එකල ද මත්පැන් පානයට ගිජු නොවූවකු බව මෙහිලා සඳහන් කළ යුතුමය. එහෙත් ඔහු බොහෝ රෑ බෝවන තුරු මිතුරු සමාගමයෙහි රැඳී උන්නේය.
රාත්රික එකොළහට පමණ සුනිල් සහ රන්ජන් පිටකොටුව බස් නැවතුම්පොළට පැමිණියේ කොච්චිකඩේ බලා යාමට බස් රථයක් බලාපොරොත්තුවෙනි. ඔවුන් බසයට නංවන්නට මම ද එතැනට ආවෙමි.
එහෙත් ඔවුනට යන්නට බස් රථයක් නොතිබිණ. අවසානයේදී මා යෝජනා කළේ මා එකල නැවතී සිටි සිරිධම්ම මාවතේ බෝඩිමට ගොස් රාත්රිියේ නැවතීමටය. වෙන විසඳුමක් නොවූයෙන් ත්රීිවීලරයකින් අපි බෝඩිමට ආවෙමු.
රන්ජන් එදා සුනිල් සමඟ අපේ බෝඩිමේ නැවතුණි. එහි රැයක් දවාලක් නැතිව මිතුරන් නිතර යන එන බැවින් රන්ජන්ගේ හා සුනිල්ගේ පැමිණීමේ විශේෂත්වයක් නොවීය. අමුත්තකු වූ රන්ජන්ට මදුරු දැලක් සහිත මගේ ඇඳ දුන් අතර සුනිල් සහ මම පත්තර පිටු කීපයක් එලාගෙන බිම නිදා ගතිමු.
ඔය අතරතුර රමණී බර්තෝලමියුස් මරණයට පත් වූවාය. එම ඛේදනීය අකල් මරණය නිසා සිත් කම්පාවට පත් කෙරිණ. මේ නිසා රමණී රඟ පෑ භාග්යාා සඳහා ද ප්රේ ක්ෂක ඉල්ලීම වැඩි විය. යළිත් භාග්යාම විකාශය කෙරිණ.
කලින් භාග්යාණ නොබැලූ බෝඩිමේ මිතුරෝ ද එය නරඹන්නට රූපවාහිනිය වටා රොක් වූහ.
‘රමණී එක්ක රඟපාන අර කොල්ලා හැඩයි’ මගේ බෝඩිමේ එක් මිතුරෙකු මා සමග පැවසුයේ නාට්ය. නැරඹීමෙන් අනතුරුවය.
‘ඒ කොල්ලා තමයි දැන් මාසෙකට විතර කලින් අපි එක්ක ඇවිත් බෝඩිමේ නැවතුනේ’ මම කීවෙමි.
ගමන පටන් ගත්තේ එතැනින් යයි සිතමි. එතැන් පටන් ඔහුට චිත්රවපට, ටෙලිනාට්ය ය ලැබිණි. ඔහු ක්රශමයෙන් ජනප්රිනය වන්නට විය.
2005 ජනාධිපතිවරණය පවත්නා සමයේ ඔහු ජනප්රිනය නළුවෙකි. වෝටර්ස් එජ් හෝටලයේ පැවැති එක්තරා උත්සවයකදී ඔහු එහි පැමිණ සිටි රනිල් වික්ර මසිංහ මහතාගෙන් ප්රුශ්න කීපයක් ඇසුවේය. ඇතැම් ප්ර ශ්න තර්කානුකූල නොවුවද එයින් කියැවුණේ සමාජ යථාර්ථයයි. රනිල් වික්රරමසිංහ මහතා සුපුරුදු සූරබවින් යුතුව එම තර්ක බිඳ දැම්මේය. එහෙත් එය දේශපාලනයට එන්නට මඟ පෑදුවේය. ඒ ඔස්සේ බොහෝ දුරක් ගිය රංජන් නියෝජ්යඳ ඇමැතිවරයකු ලෙස පසුගිය යහපාලන රජයේ කටයුතු කරන විට තමන්ට මුල් යුගයේ උදව් උපකාර කළ පිරිසට කෘතවේදී බව දක්වන්නට සම්මාන උත්සවයක් සූදානම් කෙළේය.
එහිදී ඔහුගේ ප්රබථම පුවත්පත් කවරය පළකර දුන් මටත්, ඡායාරූප ශිල්පී ඇන්ටන් ජෝටත්, ආනන්ද පද්මසිරි ඇතුළු තවත් පිරිසකටත් සම්මාන පිරිනැමුවේය. එය රන්ජන් තම අතීතය අමතක නොකරන බවට දුන් එක් සංකේතයක් වශයෙන් ඔහු සැලකුවේය.
දේශපාලනයට සම්බන්ධ වීමෙන් පසුව ඔහු මට නිතර හමු නොවිණ.
ඔහු මට අවසන් වරට හමුවූයේ සිංගප්පූරුවේදීය. මුස්තාපා සාප්පු සංකීර්ණය අසල හෝටලයෙන් අප පාරට බැස පාරට එද්දී කඩවසම් පෙනුමැති තරුණයකු විශාල පානීය ජල බූලි දෙකක් උරහිසේ රඳවාගෙන හෝටලය දෙසට එමින් සිටියේය. ඒ රන්ජන්ය. එවකටද ඔහු නියෝජ්යඳ ඇමැතිවරයෙකි. අප නැවැතී සිටියේද අතිසුඛෝපභෝගී හෝටලයක නොවේ. රන්ජන් ද නැවතී සිටියේ ඒ හෝටලයේය. එහි කෑම බීම නොවීය. ඔහු නැවත ශ්රීෝ ලංකාව බලා ආවේද අප පැමිණි ගුවන් යානයෙන්මය. එහිදී ද ඔහු එහි සිටි ගුවන් මගීන් සමග සුහදශීලී ලෙස කතා බහ කෙළේය.
ඔහු උත්සාහ කළේ විජය කුමාරතුංග වැනි ආකර්ෂණීය පුද්ගලයකු වන්නටය. විජය දේශපාලනය කළ ද ඔහු ද සිනමාව අමතක නොකළේය. එයට ඔහු ප්ර ධාන තැනක් දුන්නේය.
විජය වීරයකු වූයේද තිරයේ පමණක් නොවේ. මිනිසුන් අතර සුහදශීලී ලෙස ගැවසීමෙනි.
විජය ද සිරගත වීමෙන් පසුව බොහෝ සේ ජනප්රි යත්වයට පත්විය.
එහෙත් විජයට පාර්ලිමේන්තුව දක්වා ගමනක් එන්නට ඉඩ නොලැබිණි. රන්ජන්ගේ පක්ෂ දේශපාලනය කුමක් වුවද ඔහු පටන් ගත් තැන සිට තව බොහෝ දුර ගමන් කෙළේය. එය අපරිමිත ධෛර් යේ කැපවීමේ කතාවකි.
රන්ජන්ගේ ඊළඟ පිම්ම කුමක්දැයි අපට දැන්ම කිව නොහැකිය. එහෙත් එය ද ආන්දෝලාත්මක සිදුවීමක් වනු ඇතැයි සිතිය හැකිය. මන්ද ඔහු හැම විටම පුවත් මවන්නකු බැවිනි.
රොඩ්නි විදානපතිරණ