නිළිය ඇහැට කනට පේනවා නම් දෙතුන් ගුණයක් ගෙවනවා. කාරුත් ගන්නවා මාස ගාණකින් - හාස්‍ය නළු ඩී.බී ගංගොඩතැන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩී.බී ගංගොඩතැන්න කියන නම නුහුරු වුණත් නිරන්තරයෙන් රිදී තිරය නරඹන ප්‍රේක්ෂක ඔබට මේ රුව නම් අමතක නැතුව ඇති.  
හාස්‍ය රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ඩී.බී ගංගොඩතැන්න පසුකාලීනව 'වැඩිහිටියන්ට පමණයි' සිනමාවටත් ගොඩ වුණා. ඉන් අනතුරුව 'ඩීවීඩී චිත්‍රපට' තුළත්, ඔහු දකින්න පේන්න හිටියා. ඩී.බී ගංගොඩතැන්න ගැන මේ කතාව කියන්න හේතුව වුණේ, ඔහු හදිසියේ විවාහ වුණා කියලා ආරංචියක් පැතිරුණු නිසා. සත්ත වශයෙන්ම, මේ පුවතේ සත්‍ය අසත්‍යතාවය ගැන නම් අපි හරියටම දන්නෙ නැහැ. ගොඩක් දෙනෙක් කියන්නේ මේ ඡායාරූප, නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් ගත්ත ඒවා කියල යි.

ඩී.බී ගංගොඩතැන්න ලංකාදීප පුවත්පත සමඟ කළ සාකච්ඡාවක කොටසක් තමයි පහළින් තියෙන්නේ.
 
"දැන් මට අවුරුදු හැත්තෑ අටක් වෙනවා ඉස්සර වගේ රඟපාන්න එහෙම මෙහෙ දුවලා වැඩකරන්න අපහසුයි.එකාලෙට වඩා මහන්සි ගතියකුත් දැන් මට දැනෙනවා, වෙලාවකට හිතෙනවා හැමදේකින්ම ඈත් වෙලා ගෙදරට වෙලා පාඩුවේ හිටියානම් හරි කියලා..."
 
"ඇඟේ හයිය අඩු වුනාට හිතේ හයින්නේ හැම දෙයක්ම කරන්නේ. සමහර වෙලාවට කළා ක්ෂේත්‍රය ගැන කළකිරෙනවා. මේකේ සිද්ධ වෙන දේවල් දැක්කම කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැහැ අපේ මහන්සියට. රඟපාන්න කලින් පොරොන්දුවෙන ගාන හරියට ලැබෙන්නේ නැහැ. එහෙම දේවල් වලට මම ගොඩක් මුහුණ දීලා තියනවා, පිරිමියෙකුට සිනමා ක්ෂේත්‍රයට ඇවිල්ලා කරන්න දෙයක් නැහැ..."
 
"සමහර අධ්‍යක්ෂකවරු ඉන්නවා නිළිය ඇහැට කනට පෙන කෙනෙක්නම් නලුවෙක්ට වඩා දෙතුන්ගුනයක් ගෙවනවා. සමහරු කාර් ගෙවල් එහෙමත් අරගන්නවා මාස ගානකින්. මෙහෙම දේවල් නිසා ගැහැණු අයට ලෙහෙසියෙන්ම ප්‍රසිද්ධ වෙන්න පුලුවන් හැබැයි ගොඩක් දේවල් අධ්‍යක්ෂක වරුන්ට පුඡා කරන්න වෙනවා. ඔය වගේ තත්වයන් තමයි සිනමාවේත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් තියෙන්නේ. ඒ වගේ දේවල සිද්ද වෙනකොට කළකිරෙන්නේ නැද්ද. මම නම් දන්නා හඳුනන කෙල්ලෙක්ට සිනමාවට එන්න දෙන්නේ නැහැ..."