නිළියකගේ චරිතය ඉක්මනින්ම ඝාතනය කරන එක නැදෑයන්ට හරිම ලේසි වැඩක්
ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහ ගැන මේ දිනවල ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇය සහ ඇගේ මිත්තනිය සම්බන්ධයෙන් වුණු දේපල හා සම්බන්ධ නීතිමය කටයුත්තක් හේතුවෙන්.
ටනාෂාගේ බාල නැඟණිය වන නිෂිනි හතරසිංහ ඇගේ යූටියුබ් නාළිකාවේ පළ කරපු වීඩියෝවක ටනාෂා ඇගේ නෑදෑයන් පිළිබඳව අදහස් පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඇගේ ඒ ප්‍රකාශයයි.
"නෑදෑයෝ අපි හැමෝටම ඉන්නවා. හොඳ නෑදෑයෝ ඉන්නවා, නරක නෑදෑයෝ ඉන්නවා. සාමාන්‍යයෙන් මිනිස්සු දන්න චරිතයක් අපි හිතමුකො නිළියක් කියලා එහෙම නම් ඒ නිළිය ඉන්න ක්ෂේත්‍රයත් එක්ක නෑදායන්ට ඉක්මනින්ම චරිතය ඝාතනය කරන්න ලේසියි. අපි හැමෝටම නෑදෑයො ප්‍රශ්න දානවානේ. අපි හැමෝගේම පවුල්වලට හැමෝගේම ජීවිතවලට නෑදෑයෝ ප්‍රශ්න දානවා. මම කියන්නේ ඇහැට දැක්කේ නැත්නම් කණට ඇහුණේ නැත්නම් කවුරුහරි කෙනෙක් දෙයක් කියද්දි ඒ දේ ගැන තීරණයකට එන්න කළින් නිගමනයකට එන්න කළින් කොයිවගේ ඒ කෙනාට ප්‍රශ්නයක් එන්න පුළුවන්ද කියලා මිනිස්සු හිතන්න ඕනේ..."