නිල් චිත්‍රපට නිළියක් කරන අමුතු වැඩක්
තම සිරුර කාමුක චිත්‍රපට සදහා විකුණමින්, ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සදහා යොදවන සුරූපි වැඩිහිටි නිළියක් ගැන තොරතුරු පවසන්නයි මෙවර අපගේ සුදානම. ඇය නමින් එලේනා කොෂ්කාය. එලේනා අඩි 6 ක් උසැති රුසියානු මාපියන්ට දාව ඉපදුන ඇමෙරිකා එකසත් ඡනපද කාන්තාවක්.
යොවුන් වියට එළැඹිමත් සමග රැකියා කිහිපයක නිරත වූ එලේනා 23 වැනි වියට එළැඹෙද්දිම වැඩිහිටි සිනමා කර්මාන්තයට පිවිස ඇත. එතැන් සිට වැඩිහිටි චිත්‍රපට 320කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා සිය දායකත්වය ලබා දී ඇති එලේනා අදටද වැඩිහිටි සිනමා කර්මාන්තය තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින යොවුන් රංගන ශිල්පිණියකි.
වැඩිහිටි සිනමා කර්මාන්තයේ සිටින අනෙකුත් නළුනිළියන්ට වඩා එලේනා බොහෝ සෙයින් වෙනස් කෙනෙකි. සිය ඇඟ විකුණා ලැබෙන මුදල්වලින් වැඩිපුරම ඇය වියදම් කරන්නේ ලෝකයේ දුප්පත් රටවල්වල ඉන්න අසරණ දරුවන් හා කාන්තාවන්ට බව සඳහන් වෙයි. ඇය කාලයක් තිස්සේ ලෝකයේ අන්ත දුප්පත් රටවල සංචාරය කරන කෙනෙකි. තොරතුරු ලැබෙන පරිදි ඇය පසුගිය කාලයේ වැඩිපුරම සංචාරය කර ඇත්තේ අප්‍රිකා මහද්වීපයේ දුප්පත් රටවල්වලට. ඒ අතරිනුත් අන්ත දුගී දුප්පත් දරුවන් ඉන්න කෙන්යාව වැනි සංවදර්ධිත නොවුණ රටවලටය.
එලේනා මෙසේ කෙන්යාවේ නිතරම සංචාරය කරලා තියෙන්නේ ඒ රටවල් වල සිරගත වෙලා ඉන්න කාන්තාවන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක තුවා ලබාදෙන්නට. මේ රටවල කාන්තාවන්ට තමන්ගේ මාසික ඔපස් දිනවල පළදින්න සනීපාරක්ෂක තුවා හෝ බන්ධනාගාර පාලිකාවන් ලබා දෙන්නට මුදලක් වෙන් කර නැහැ. ඇය තමන්ගේ ප්‍රජා සත්කාරක පදනමේ මුල්ම පියවර විදිහට සැළසුම් කළේ බන්ධනාගත කර සිටින ඒ අසරණ ගැහැණුන්ට සනිපරාක්ෂක තුවා ලබා දීම.
ඊට පස්සේ ඇය අවධානය යොමු කළේ කෙන්යාවේ නයිරෝබී හි වීදිවල හා ළමා නිවාසවල ඉන්න දුප්පත් දරුවන් වෙතය. ඇය ඔවුන්ගේ අඩුපාඩුකමි සොයා බලා ඊට පිළියම් යොදන්නට කටයුතු කර තිබුණි. අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍යය පොත්පත් වගේම පෝෂ්‍යදායි කල් තබාගත හැකි ආහාර ඇය මෙහි ඒ අසරණ දරුවන්ට බෙදා දෙන්නට කටයුතු කර කළා. මේ හැමදෙයක්ම එලේනා සිදු කළේ කවදාවත් දැකලා නැති තමන් මොන වගේ කෙනෙක්ද කියලාවත් දන්නේ නැති ගැහැණුන් සහ ළමයි උදෙසා. කෙන්යාවේ ප්‍රකට කාන්තා හා ළමා සංවිධාන පවා මෙතෙක් නොකරපු දෙයක් තමයි ඇය මේ ඉටු කළේ. ඒ වගේම ඡාත්‍යන්තර කීර්තියක් දිනාගෙන සිටින අප්‍රිකානු කාන්තා සඟරා කිහිපයක් පවා ඇයගේ මේ ප්‍රජා සත්කාරකයන් පිළිබඳව පුවත් පළ කරලා තිබුණේ එලේනාට ප්‍රශංසා කරමින්.
මේ ප්‍රජා සත්කාරකයන් පිළිබඳව මාධ්‍යයන් ඇසු ප්‍රශ්නවලදි එලේනා පවසා තිබුණේ තමන් ජනප්‍රිය වීමට මෙවැනි දෙයක් නොකරන බවත්, තමන් උපයන මුදලින් යමක් අසරණයින් වෙනුවෙන් වෙන් කරන්නට ලැබීම තමාට සතුට දනවන්නක් බවත්ව. එමෙන්ම මෙය කාලයක සිට තමන්ගේ මනසේ වැඩ කළ සැළසුමක් බවද ඇය මෙහිදි පවසා තිබුණි.
බුද්ධික සේනාධීර