නලුවෙක් වෙන හීනේ මට පොඩි කාලේ ඉදලම තිබුණා
නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්රයට පිවිසි පැතුම් සුරේෂ් මේ වනවිට රංගන ශිල්පියෙකු ලෙසද වර්තමානයේ කටයුතු කරමින් සිටියි. විවිධ කලා නිර්මාණ රැසක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවට ආ පැතුම් සුරේෂ් රංගන ශිල්පියෙකු ලෙස ඉදිරියේදී වැඩි දායකත්වයක් ලබාදීමට සුදානමින් සිටියි. මේ දිග හැරෙන්නේ 'සාරවිට' අප සමග ඔහු කළ කතා බහයි.
කලා ක්ෂේත්රයට ඔබගේ පිවිසිම සිදුවුණේ කොහොමද?
මම කලා ක්ෂේත්රයට ආවේ නිරූපණ ශිල්පියෙක් විදිහට. 2007 වසරේ නිරූපණ කටයුතුවල තමයි මුලින්ම නිරත වුණේ. 2018 වසරේ තමයි රංගනයට සම්බන්ධ වුණේ. මුලින්ම ගීත රූප රචනාවලට තමයි මම දායක වුණේ.
රංගනය පැත්තට යොමු වෙන හීනයක් තිබුණද?
ඔව්, තෙරේන කාලේ ඉඳලා නළුවෙක් වෙන හීනයක් තිබුණා. නමුත්, අවස්ථාවක් ලබාගන්න මම ගොඩක් මහන්සි වුණා. කොහොම හරි කාලයත් එක්ක මගේ හීනේ හැබැ කරගන්න මට පුළුවන්කම ලැබුණා.
ක්ෂේත්රය ගැන නවකයෙක් විදිහට දකින්නේ කොහොමද?
අද කලා ක්ෂේත්රය තුළ කරන නිර්මාණ එකම ආරයක එකම රාමුවක කොටු වෙලා තියෙනවා වගේ කියලා හිතෙනවා. මේ කරන නිර්මාණ රඳා පවතින්නේ කාලයකට විතරයි. එහෙම නිර්මාණවලට සීමා නොවී හොඳ ගුණාත්මක නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් අතරට යන්න මම කැමතියි.
දැනට දායක වුණ කලා නිර්මාණ මොනවාද?
ගීත රූප රචනා තමයි මම වැඩිපුරම රඟපාලා තියෙන්නේ. ප්‍රමාණය ගත්තොත් හතක් විතර. ඊට අමතරව ටෙලි නාට්‍යයවලත් සහය චරිත කරලා තියෙනවා.
මේක ඔබගේ වෘත්තිය කරගන්නද අදහස?
නැහැ. කලාවට මම ආසයි. ඒ හින්දා තමයි කලා කටයුතුවලට නිරත වෙන්නේ. නැතුව මේක මගේ වෘත්තිය නෙමෙයි. දැනට මම මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා. ව්‍යාපාරික කටයුතු අතරේ ලැබෙන විවේකය අනුව තමයි කලා වැඩවලට සම්බන්ධ වෙන්නේ.
ඕනෑම වෘත්තියක නියැලෙන්න හැදෑරීමක් අවශ්‍යයි නේද?
ඔව්, හැදෑරිමක් නැතිව මොන ක්ෂේත්රයක වුණත් වැඩ කරන්න බැහැ. මමත් මට ලැබෙන විවේකය අනුව යම් යම් දේ කලාව ගැන ඉගෙන ගනිමින් සිටිනවා.
ඉදිරිය කොහොම වෙයිද?
ඉදිරියේදී නවක ටෙලි නාට්‍ය දෙකක රංගනයෙන් දායක වීමට ආරාධනා ලැබිලා තියෙනවා. තව මා රංගනයෙන් දායක වුණ ගීත රූප රචනා කිහිපයක්ම නිකුත් වෙන්න තියෙනවා. ඒ වගේ තව ගීත රූප රචනා කිහිපයකට සම්බන්ධ වෙන්න ඇරයුම් ලැබිලත් තියෙනවා. ඒ සියලු දේ හොදින් කරගෙන හොද නිර්මාණයන් වලට එකතු වෙලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
උදව් කල අය?
මුලින්ම මගේ අම්මාට සහ තාත්තට. ඒ වගේම මගේ බිරිඳත් මට ගොඩාක් උදව් කළා කටයුතු කරගෙන යන්න. මට මේ හැමදේම ලැබුණේ මගේ පුංචි පුතා නිසා ඉතින් එයාව මතක් කරන්නම ඕනා. ධනුෂ්ක බණ්ඩාර, රවිඳු අබේරත්න යන අධ්යක්ෂ වරුන්ටත් නාලක දළුවත්ත මගේ මිතුරාටත් මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තූති කරන්න.
බුද්ධික සේනාධීර