නිරෝෂා තලගල කියන අමුතු කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරෝෂා තලගල කියන්නෙ නර්තනයෙන් වගේම රංගනයෙනුත් සිය හැකියාවන් පෙන්නුම් කළ කවුරුත් ආදරය කළ සුන්දර රුවැත්තියක්. ටෙලිනාට්‍ය රංගාන ශිල්පිනියක් හැටියට ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඇය වර්තමානයේ වඩාත් ජනප්‍රිය නර්ථන ශිල්පිනියක් ලෙසයි.

ඇය වේදිකාවේ පුංචි තිරයේ පමනක් නෙමෙයි සමාජ ජාලාවලත් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

නිරෝෂා ගැහැණියකගේ ශක්තිය පිළිබඳව අපූරු සටහනක් ඇගේ සමාජ ජාලාවල ලියා පළ කරලා තිබුනා. ඒ ඇගේ ඡායාරූපයක් සමඟ.

පහත දැක්වෙන්නේ ඇගේ ඒ සටහන...

"ගැහැණියකට තමන් පිලිබඳ නිවැරදි දැක්මක් ඇති වූ විට, තමන්ට තමන් ආදරය කළ යුතු යැයි හැඟීම ආරම්භ වූ දා සිට, තවදුරටත් බොරුවෙන් තමාව වසන් කිරීම අත්හැර දමනු ඇත. ව්‍යාජ මවාපෑම්, තරඟකාරිත්වය, ඊර්ෂ්‍යාව සහ ඇය පාගා දැමීමට බලා සිටිනා සියලුම ආකාරයේ උපක්‍රමවලින් ගැලවෙනු ඇත!

තමන්ගේ සෙවනැල්ලට හිමිකම් කියන විට, තමන්ගේ සෙවනැල්ල ආදරයෙන් වැලඳ ගන්නා විට, තමන් අතින් යටපත් වූ, තමන් විසින්ම අමතක කර දැමූ ස්වයං අධිකාරි බලය ශක්තියක් බවට පරිවර්තනය අයුරු අත්විඳිනු ඇත. තමාට සත්‍ය වීම නිසා ප්‍රතික්ෂේප වීමේ ඕනෑම බියක් ජය ගැනීමට ඇයට හැකියාව ලැබෙනු ඇත!

ඇය සතු මානසික ශක්තිය සහ ධෛර්යය ඔස්සේ ඇය ඇගේ අධ්‍යාත්මික කටහඬ සොයා ගනු ඇත, ඒ ඔස්සේ ගමන් කරනු ඇත. විනිශ්චය කිරීම වෙනුවට ඇය තමන්ගේ අසම්පූර්ණ වූ ආත්මය පරිපූර්ණ කිරීම සඳහා නිදහස්, ස්වයං සවිබල ගැන්වීමේ මංතීරුවක ගමන් කරනු ඇත!

එවිට ඇය, නිදහස් ය; නිර්භීතය; අව්‍යාජ ය."