නර්මදා යාපා එයාගේ අලුත් ආදරේ තුරුළු කරන් කිව්ව දුක හිතෙන කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත නර්මදා යාපා අබේවර්ධන කියන්නෙ මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක්. පසුගිය දවසක ඈ මුල්ම වතාවට ඇගේ අලුත්ම ආදර කතාව ලෝකෙට අනාවරණය කළා. විශේෂයෙන්ම ටික්ටොක් මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය නර්මදා ඇගේ පෙම්වත් කතාවේ ලස්සනම තැන් විටින් විට සමාජ මාධ්‍ය තුළට එකතු කරනවා.

මේ තියෙන්නෙ ඇය පසුගිය දවසක මුහුණු පොතේ ලියූ ආදරණීය සටහනක්.

මං හරි ආසයි යමක් පැරදුන මනුස්සයෙක් ඒක කිහිපවාරයක් හරි උත්සාහ කරලා ජයග්‍රහණය කරනවා බලන්න. මොකද මං හරි ආසයි දුක් විඳපු , කටු කාපු, මහන්සි උන, පැරදුන , වේදනාවට ලක්වෙවී ජීවිතේ ඇදන් ගියත් , පරාජය බාර නොගත්ත ඒ ධෛර්යවන්ත මිනිස්සුන්ට හරියනවට. මං හරි ආසයි එහෙම මිනිස්සු පොඩි හරි දෙයක් ලබාගෙන සතුටු වෙනවා බලන්න ! සීයට දාහක් ශුවර් කිසිම දවසක මට සතුටින් ඉන්න මනුස්සයෙක් දැකලා ඉරිසියාවක් නම් ඇතිවෙන්නේ නෑ ! මොකද මට ඒ කා එක්කවත් තරඟයක් නෑ ... මට ඕන මිනිස්සු හැමෝම දිනන්න.. මට ඕන හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න !