නර්තනය කියන දේ මගේ ඇගේ තියෙන දෙයක්
වෘත්තියෙන් නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අරවින්ද කමල් කලා ක්ෂේත්‍රෙය් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් දක්ෂ කලාකරුවෙකි. දැනට ප්‍රසංග වේදිකාව තුළ අතිශය ජනප්‍රිය 'තෝජන්ස්' නර්තන කණ්ඩායමේ නිර්මාතෘ මෙන්ම නායකයා ලෙසද කටයුතු කරන අරවින්ද දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම වේශ නිරූපණ ශිල්පියෙකුද වෙයි.
කලා ක්ෂේත්රයට ඔබ පිවිසෙන්නේ..
කලා ක්ෂේත්රයට එන්නේ නම් පාසල් අවදියේමයි. පාසල් යන කාලේ මම නර්තනය හැදැරූවා. ඒ කාලේ සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ පවා මම අරගත්තා. ඒ කාලේ මාව ඇගයමින් පත්තරවල පළවු ලිපි අදටත් මා සතුව තියෙනවා. පොඩි කාලේම හිතපු දෙයක් තමයි නර්තන ශිල්පියෙක් විදිහට කලා ක්ෂේත්රය තුළ ලොකු ගමනක් යනවා කියලා. අද ඒ හිතපු ගමන සාර්ථක ඇවිල්ලා කියලා මම හිතනවා. පසුකාලීන කලා ක්ෂේත්රය තුළ මා අඳුනා ගැනීමත් හරහා වේශ නිරූපණ ශිල්පියෙක්, ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් හා රංගන ශිල්පියෙක් විදිහටත් මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා
දැනට ඔබේම කියලා නර්තන කණ්ඩායමක් තියෙනවා නේද..
ඔව්, අරවින්ද කමල් ප්රමුඛ %තෝජන්ස්^ නර්තන කණ්ඩායම. ප්‍රසංග වේදිකාව තුළ අතිශය ජනප්‍රිය නර්තන කණ්ඩායමක් තමා %තෝජන්ස්^ කියන්නේ. දැනට මම හිතන විදිහට අපි ප්‍රසංග පන්සියයකට වැඩි ප්‍රමාණයකට නර්තනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම වසර අවසානයේ බොහෝ ප්‍රසංග ගණනාවක් අපට ලැබිලා තියෙනවා.
ඔබ කලාකරුවෙක් වුණත් ක්ෂේත්‍ර කිහිපයක වැඩ කරන කෙනෙක්..
ඔව්, කලා ක්ෂේත්රය තුළම අංශ කිහිපයක වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ඒක මම දකින්නේ මට වාසනාවෙන් ආපු දෙයක් කියලා. කොහොම වුණත් මම කැමතිම නර්තන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න. ඒ වගේම නර්තන කණ්ඩායම නායකයෙක් විදිහට මාව අඳුන්වනවට. නර්තනය තමයි මගේ ප්‍රධාන වෘත්තිය.
ඉදිරිය කොහොම වෙයිද..
නර්තන ශිල්පියෙක් විදිහට මම ලොකු දුරක් යයි කියලා හිතනවා. ඒ වගේම මගේ නර්තන කණ්ඩායමේ ලංකාවේ අංක එකේ ජනප්‍රිය නර්තන කණ්ඩායම බවට පත් කරන හීනයක් මට තියෙනවා. නර්තනයට පසුව මම ආසම වෘත්තිය තමයි රංගනය. කවදා හරි සම්භාවනීය චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් ඉන්නවා. මම දැනට ස්වර්ණතිලකා, දිපල්ලා නිදාගන්න, ඉස්ටෙලා සෙට් වෙලා, මහා රජ අජාසත් වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. මේ දිනවල සඳසාවි.කොම්, සාජන් ඥාණපාල, බොරුකකුල් කාරයෝ, අපූරු හීනය කියන වේදිකා නාට්‍යවල රංගනයේ යෙදෙනවා.
කලාවට සම්බන්ධ වෙන හීනයක් ඔබට තිබුණද..
නැහැ. එහෙම හීනයක් තිබුණේ නැහැ. කොටින්ම කිව්වොත් මම කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන්. නර්තනය තමයි මගේ ඇගේ තිබුණේ. ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න ආසාවක් තිබුණා මට. මම තනියම ජිවිතේ ගෙවන කෙනෙක්. ගොඩක් දුක් මහන්සියෙන් තනියම ආපු ගමනක් මේක. මගේ පවුලේ කවුරුත් නැහැ. බොහෝම දුක්බර අතිතයක් මට තිබුණේ. නමුත්, කලාකරුවෙක් විදිහට අද මම යම් තැනක ඉන්නවා. ක්ෂේත්රයේ ගොඩක් අය මාව දන්නවා. ඉතින් සතුටුයි මේ ආපු ගමන ගැන බලන කොට.
බුද්ධික සේනාධීර