’ද නිවුස් පේපර්’ වෙනුවෙන් ලන්ඩනයේදී ඇඟයීමට ලක් වුණු අපේ සිනමා අධ්යක්ෂවරු දෙපළ
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයෙන් දායක වූ 'ද නිවුස් පේපර්' සිනමාපටය ලන්ඩනයේ රේන්බෝ චිත්‍රපට උලෙළේදී හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලබා තියෙනවා.
මෙවර 23 වැනි රේන්බෝ චිත්‍රපට උලෙළ මැයි 29 ඉරිදා ආරම්භ වී ජුනි 05 වැනිදා දක්වා පැවැත්වුණා. එයට වෘත්තාන්ත, කෙටි, වාර්තා, සජීවකරණ සහ පර්යෂණාත්මක චිත්‍රපට ඇතුළත් වූ අතර මැයි 30 වැනිදා 'ද නිවුස් පේපර්' සිනමාපටය තිරගත කෙරුණි.
චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්. ඩී. ප්‍රේමසිරිගේ සම නිෂ්පාදනයක් වන 'ද නිවුස් පේපර්' සිනමාපටයේ කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නෙතලි නානායක්කාර, ජයලාල් රෝහණ, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, පුබුදු චතුරංග, මාෂි සිරිවර්ධන, දිමුතු චින්තක, වසන්ත මොරගොඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත.