දවස මම පටන්ගන්නේ හොඳ වතුර විදුරුවක් බීලා
වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරන ඉෂාරා අතුකෝරළ රංගන ශිල්පිණියන් ලෙසද වර්තමානයේ කටයුතු කරමින් සිටියි. මේ දිනවලද අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවන ඇය තරමක් අවිවේකිව සිය දවස ගෙවා දමන අතර, අපි ඇයගෙන් සිය දවස අරඹන්නේ කෙසේද කියන කාරණයෙන් කතා බහට මුල පිරුවා.
ඔබ දවස ආරම්භ කරන්නේ කොහොමද.
දවස ආරම්භ වෙන්නේ හොඳ වතුර විදුරුවක් බීලා. මුලින්ම කරන්නේ බුදු හාමුදුරුවන්ටයි යේසුස් වහන්සේටයි පහනක් හඳුන්කුරක් පත්තු කරන එක. ඊට පස්සේ තමයි මගේ දෛනික වැඩ කටයුතු පටන් ගන්නේ සුපුරුදු විදිහට.
උදෑසන ආහාර වේල ඔබේ මොන වගේද.
උදෑසන ආහාර වේල කියලා විශේෂ දෙයක් නැහැ. ගොඩක් වෙලාවට බත් තමයි කන්නේ. ඊට අමතරව අම්මා හදන ඕනෑම දෙයක් ඉතින් කනවා ගෙදර ඉන්න කොට. උදෑසන ආහාර වේල කියලා ඉතින් විශේෂ තෝරා ගැනීමක් මගේ නැහැ.
කලා කටයුතු නැති දවසට දවස ගෙවෙන්නේ.
මම මගේ කාමරය අස්පස් කරගන්නවා. ඇදුම් ටික හෝදගන්නවා. අම්මාට උදව් කරනවා උයන්න පිහන්න. අපි පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා විදි කෑම කඩයක්. ඉතින් ලොකු වැඩක් නැත්නම් කම්මැලියි වගේ හිතුණොත් මම එතැනට ගිහින් උදව් කරනවා. ගෙදර ඉන්නවා නම් ඉතින් ඔය ටික තමයි කරන්නේ වෙන විශේෂ දෙයක් නැහැ.
දහවල් ආහාරය විශේෂද ඔබට.
දහවල් ආහාරය ගැන නම් ගොඩක් හිතනවා. බත් කන්න ගොඩක් කැමති කෙනෙක් මම. දහවල් ආහාරය මගේ මඟ හැරෙන්නේම නැහැ මොනම වෙලාවකවදිවත්. ගෙදර ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අම්මාගේ අතින් උයපු බත් ටික කනවා රසකර කර.
කායවර්ධන ව්‍යායාම් වගේ දේවල්වලට ඔබ යොමු වෙන්නේ නැද්ද.
ඇඟ හැඩ කරගන්න කියලා එහෙම කායවර්ධන ව්‍යායාම් කරන්නේ නැහැ. මම මහත් වේගන එනවා වගේ කියලා හිතුණොත් ටිකක් ඇවිදිනවා. ඒ හැරෙන්න වෙන ව්‍යායාම්වල නම් මම කරන්නේ නැහැ. හැබැයි අදහසක් තියෙනවා ජිම් එහෙකට වගේ යන්න ඕනා කියලා. නමුත්, තාම ඒකට වෙලාවක් මට හම්බ වුණේ නැහැ.
රැට ඔබ නිදාගන්නේ වෙලාවක් තියෙනවද.
එකම වෙලාවක් කියලා නැහැ. සාමාන්‍ය නම් ඉතින් රෑ දහයට එකොළහට වගේ වෙනවා නිදාගද්දි නම්. සමහර දවස්වලට ඊටත් වඩා වෙලා යනවා මට නිදාගන්න. කොහොම වුණත් සාමාන්‍ය වේලාසන නිදාගන්න කෙනෙක් නෙමෙයි.
ඔබේ ඇගේ වැඩිපුරම ලස්සන මොන අවයවයද.
මගේ ඇස් දෙක. ගොඩක් දෙනෙක් කියලත් තියෙනවා මගේ ඇස් දෙක ලස්සනයි කියලා. මටත් හිතෙනවා ඉතින් මගේ ඇස් දෙක ගොඩක් ලස්සනයි කියලා. හැමෝම කියනවා නම් මටත් පිළිගන්න වෙනවා මගේ ඇස් දෙක ලස්සනයි කියලා.
බුද්ධික සේනාධීර