දිවයින පුරා විසිර සිටින ඩිජිටල් කන්ටෙන්ට් නිර්මාණය කරන්නන් වෙනුවෙන් අනගි අවස්ථාවක්
ඩිජිටල් මාධ්යි වෙනුවෙන්ම වීඩියෝ නිර්මාණකරණයේ යෙදෙන ශ්රීග ලාංකිකයින් වෙනුවෙන් නිර්මාණකරුවන් සවිබලගැන්වීම උදෙසා Creator Incubator නමින් වැඩසටහනක් ඉදිරිපත් කිරීමට Digital Turtles Pvt. ltdආයතනය සූදානම්ව සිටිනවා. YouTuberකෙනෙක් වීමට සොහින දකින, තමන්ගේ නිර්මාණකරණය අලුතින්ම ආරම්භ කරන කෙනෙකුට අවශ්‍යo දැනුම ලබාදෙමින් ඔවුන්ව සවිබලගැන්වීමට සහ ඔවුන්ගේ ඉදිරි නිර්මාණ් කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය අනුග්රනහයක් ලබාදීමත් මේ වැඩසටහ මගින් සිදුකිරීමට සැළසුම් කොට තිබෙනවා.
එළඹෙන අප්රේගල් මාසයේ මේ Creator Incubator වැඩසටහන ක්රිලයාත්මක කිරීමට අපේක්ෂා කරනවා. පළමු අදියරේදී අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වැඩමුළු තුනක් (Online workshop) පැවැත්වෙනු ඇති. මේ වැඩමුළු ඉංග්රීෙසි, සිංහල සහ දමිළ යන භාෂා තුනෙන්ම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පළමු අදියර සඳහා සාමාජිකයින් 100 දෙනෙකුට සහභාගී විය හැකි අතර ක්ෂේත්රෂයේ අත්දැකීම් සහිත සම්පත්දායකයින් මගින් නිර්මාණකරණය පිළිබඳව දැනුම ලබාගැනීමට සහභාගි වන්නන් හට අවස්ථාව ලැබෙනවා. මූලික අදියරේ වැඩසටහන් තුනට සහභාගී වන 300ක පිරිසෙන් තෝරා ගැනෙන 50 දෙනෙක් මෙම Creator Incubator වැඩසටහනේ ඉදිරියට යාමට සුදුසුකම් ලබනවා.
"මට නිතරම උවමනා කරේ ලංකාවෙ ඉන්න ඩිජිටල් media වලට Content කරන පිරිසට උදවු කරන්න. ඒ වෙනුවෙන්මයි Creator Incubator වැඩසටහන ආරම්භ කරන්න අපි තීරණය කලේ. තම තමන් නියෝජනය කරන සමාජයේ පවතින සැබෑ කතාව ඩිජිටල් මාධ්‍යට ඔස්සේ නිර්මාණයක් විදිහට එළිදැක්වීමට අවශ්යේ තරුණ නිර්මාණශීලී පුද්ගලයන්ට මේක ඉතා හොඳ අවස්ථාවක් වේවි. ඒ වගේම මේ වැඩසටහනේ අවසානය දක්වා යන 50 දෙනාට ඔවුන්ගේ නිර්මාණ කටයුතු වෙනුවෙන් එක් අයකුට $200 බැගින් ලබාදීමටත් අපි සැළසුම් කරල තියෙනවා" Digital Turtles ආයතනයේ ප්‍ර ධාන විධායක නිළධාරිනී බිනුරි නානායක්කාර, Creator Incubator වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ එවැන්නක්.
Creator Incubator වැඩසටහන තුළදී, සහභාගී වන නවක නිර්මාණකරුවන්ට අවශ්ය් දැනුම අංශ කිහිපයක් ඔස්සේ ලබාදීමට සැළසුම් කොට තිබෙනවා.YouTube නාලිකාවක් ආරම්භ කරන්නෙ කොහොමද, Digital මාධ්‍යට අළෙවිකරණය පිළිබඳ අවශ්යන දැනුම, කතන්දර ඉදිරිපත් කිරීමේ ක්රළමය මගින් තරුණ පරම්පරාව සවිබල ගැන්වීම, නායකත්වය සහ සහකම්පනය පිළිබඳ අවබෝදය, වඩා විධිමත් සහ බලසම්පන්න නිර්මාණවේදීන්ගේ එකතුවක් නිර්මාණය කිරීම, Social media growth-hacking, වීඩියෝකරණය සහ සංස්කරණය වැනි අංශ මේ යටතේ ආවරණය කිරීමට අපේක්ෂිතයි.
Creator Incubator වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමට Digital Turtles අපේක්ෂා කරන අතර එමගින් ඉදිරි වසර සඳහා නව උපදේශකවරුන් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ලංකාවේ විශාලතම ඩිජිටල් නිර්මාණකරුවන්ගේ ජාලයක් ලෙස දිවයින පුරා විහිදුනු නිර්මාණකරුවන් ජාලයක් ඇතිකිරීම Creator Incubator හරහා සිදුකිරීම Digital Turtlesහි අරමුණ වී තිබෙනවා.
www.creatorincubator.lklog වී Creator Incubator වැඩසටහනට අයදුම් කර හැක.