දෙවැනි ඉනිමේ අශෝක මගේ රංගන දිවිය වෙනස් කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල දෙරණ රූපවහිනියේ දිග හැරෙන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ අශෝක ලෙස කොයි කවුරුත් අඳුනන චාමර බණ්ඩාරනයක මෙවර ‘සාරවිට’ තරු කතාබහට අප මෙසේ එක් කර ගත්තා. ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට අමතරව චාමර මේ දිනවල අලුත් වැඩ කිහිපයක් සමග සම්බන්ධවද සිටියි.

චාමරට වඩා දැන් අශෝක කියන නම ප්‍රසිද්ධයි නේද?

චාමර බණ්ඩාරනායක කියන්නේ මගේ නම. අශෝක කියන්නේ මම %දෙවෙනි ඉනිම^ ටෙලි නාට්‍යයේ රඟපාන චරිතය. ගොඩ දෙනෙක් දැන් නම් මාව දන්නේ අශෝක කියලා තමයි.

චාමරගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂයද අශෝක කියන්නේ?

ඔව් අනිවාර්යෙන්ම. මම ආසම මම කැමතිම විදියේ චරිතයක් තමයි අශෝක කියන්නේ. අශෝකට රඟපාන්න කළින් මම ටෙලි නාට්‍යය කිහිපයකම රඟපෑවා. නමුත්, අශෝක කියන චරිතය තමයි මාව ප්‍රේක්ෂකයින් අතරට ගෙන ගියේ. ඒ හින්දා මම හිතනවා මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය තමයි අශෝක කියන චරිතය මට රඟපාන්න ලැබුණ එක.

අශෝකට අදත් ලැබෙන ප්‍රතිචාරවලින් අඩුවක් නැහැ නේද?

ඉතාම සතුටුයි. ඉතාම හොඳයි. අවුරුදු ගාණක් තිස්සේ මම මේ චරිතයට දායක වෙනවා. හැබැයි තාමත් අශෝක විදිහට මාව අඳුනගත්තු මුල් කාලයේ වගේම ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්සු පවා පාර තොටේදි දැක්කත් අඩෝ අශෝකයා කියලා කතා කරන අවස්ථාත් තියෙනවා.

මේ දවස්වල දෙවැනි ඉනිමත් එක්ක විතරද වැඩ කරන්නේ?

දෙවැනි ඉනිම එක්ක වැඩ කරන ගමන් තවත් අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදී ඒ නිර්මාණය හරහාත් මාව ප්‍රේක්ෂක ඔබට දකින්න පුළුවන් වේවි.

ඔබ දැන් රංගන ශිල්පියෙක් විදිහට දැන් ස්ථාවරද?

තවම ස්ථාවරත්වය ගැන කියන්න බැ. මට ලැබෙන නිර්මාණය තුළ උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා. තාමත් මම හිතනවා මට ඇගෙට දැන්නේ කරන්න හොඳ චරිතයක් ලැබුණේ නැහැ කියලා.

දාමරික මැර චරිත වලට විශේෂ කැමැත්තක් ඔබගේ තියෙනවා?

අනිවාර්යෙන් මම කැමති ඒ වගේ චරිත වලට. ඒ වගේ චරිත ඇතුළේ කරන්න තියෙන දේවල් ගොඩක් වැඩියි. නිකම් ගිහින් දෙබස් කියනවට වඩා මම හිතන විදිහට ප්‍රේක්ෂකයින්ට යමක් දෙන්න පුළුවන් මේ වගේ කළු චරිතයක් හරහා. හැමෝම කැමති සුදු චරිතවලට නේ. කළු චරිතවලට බනිනවා. හැබැයි ඒ බනින්නේ ඒ චරිතයට උපරිම සාධාරණයක් කළාම. අන්න ඒ හින්දා තමයි මම කළු චරිත රඟපාන්න කැමති.

රඟපාන්න ගොඩක් කට්ට කාපු නළුවෙක් ඔබ?

අනිවාර්යයෙන්ම අපි ආසම දේ කරන්න නම් අපි ඒක ඇතුලේ කට්ටක් කන්නම ඕනේ. ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ. එතකොට ප්‍රතිඵල කියන දේ කවදහරි අපිට ලැබෙනවා. අද මම හිතනවා මම කාපු කට්ටේ ප්‍රතිපල අද වෙන කොට භුක්ති විඳිනවා කියලා.

දිගු ටෙලි නාට්‍යයක වැඩ කරන්න ලැබුණ එක වාසියක් කියලා හිතෙන්නේ නැද්ද?

ඔව් මට ඒක පාඩුවක් වෙලා නෑ .මට ඉගෙන ගන්න අධ්‍යනය කරන්න ගොඩක් දේවල් එතැන තියෙනවා. මම ඒක ගොඩක් කැමැත්තෙන් කරන්නේ

ඉදිරිය කොහොම වෙයිද?

ඉදිරියට දෙවනි ඉනිම කියන එක ඇතුලේ මොකක් වෙයිද කියන්න මම තාම දන්නේ නැහැ .කොහොම වුණත් මගේ චරිතයට මම සාධාරණයක් කරනවා. අලුත් නිර්මාණ තුළිනුත් වෙනස්ම විදිහේ චරිත තුළින් මාව ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන් කියන පණිවිඩය දෙනවා.

බුද්ධික සේනාධීර