දුවගේ විශේෂ දවසේ එකට ඉන්න බැරි වුන එක ගැන කීර්ති පැස්කුවෙල් තැබූ දුක වැඩි සටහන
"සඳලතා පායලා" "තව දවසක් හමුවී" "කවිකාරියේ" වැනි අතිශය ජනප්රිය ගී ගැයූ කීර්ති පැස්කුවෙල් ඔහුගේ මුහුණු පොතේ පසුගිය දිනෙක ආදරණීය සටහනක් පළ කර තිබුණා. ඒ සිය දියණිය නීතිඥවරියක ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ ඡායාරූප ද එක් කරමිනුයි.
එම සටහන පහතින් බලන්න.
තාත්තාගේ සිහිනය. අවුරුදු 5ක් තිස්සේ නිදිමරාගෙන පාඩම් කරලා විභාග වලින් ජය අරගෙන මගේ චාරුණි දුව අද තවත් දිනුම් කණුවක් පසු කරනවා. අද 2022 නොවැම්බර් 04දා මගේ චාරුණී දුව නීතීඥවරියක් ලෙස දිවුරුම් දුන්නා. තාත්තා ඒ මොහොත සියැසින් දැකගන්නට මම කොතරම් පෙරුම් පිරුවත් ඒත් අවස්ථාවේ මම දුව ලඟ නැති එක මට දරාගන්න බැරි දුකක්. හැතපුම් දහස් ගනනක් ඈත සිටියත් මගේ දුවට ආශීර්වාද කරමින් මම සිතින් ඔබ අසලමයි. දුවගේ ඉදිරි අනාගතය සාර්ථක වී රටට වැඩදායක කීර්තිය බබලවන නීතිඥවරියක් ලෙස ඉදිරියටම යන්න. ඔබ උපන් බව රටට පෙන්වන්න. එයයි තාත්තාගේ සිහිනය.මීට තාත්තා.