දුවගේ යාලුවෝ අහලා, ඔයාලා අම්මා ග්ල්ව්ස් දාලද බත් කන්නෙ කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සචිනි අයේන්ද්‍රා කියන්නෙ බුකියේ කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්. රංගනය වගේම ඇය ඇගේ ම ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඒ වගේම ඇය දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් සචිනි ඇගේ පවුල් ජීවිතය ගැන මේ විදිහේ කතාවක් කිව්වා.

"මටත් හවුස් වයිෆ් කෙනෙක් වගේ ඉන්න ඕන තරම් ඉඩ තිබ්බා. හස්බන්ගෙන් එහෙමත් යැපිලා. දරුවෝ බලාගෙන. එහෙම කැමති අයත් ඉන්නවා.හැබැයි මගේ පර්සනල්ටි එක ඒක නෙවේ. මම කැමති වුණේ මොනාහරි කරන්න. දැන් ව්‍යාපාරය පැත්තෙන් මම තත්ත්වයකට ඇවිත් ඉන්නවා. අද මට මං ගැන සතුටුයි..."

පසුගිය සමයේ කතාබහට ලක්වූ ග්ලවුස් දාගෙන සචිනි බත් කාපු වීඩියෝ එක ගැනත් සචිනි මෙහෙම කතාවක් කිව්වා.

"මගේ දුවලා දෙන්නට මම හැමදේම කියලා දෙනවා. ඉස්කෝලෙ යාලුවෝ ඒ දෙන්නට මොනා හරි දෙයක් කිව්වොත් මම ගැන. ළඟදි පන්තියේ යාලුවෝ අහලා ඔයාලා අම්මා ග්ල්ව්ස් දාලද බත් කන්නෙ කියලා. මගේ දුවලා දන් නෑ ඒකට උත්තර දෙන්න. මම ඒ දෙන්නට එක්ස්ප්ලේන් කළා..."

"මගේ නියපොතු නිසා මට අතින් බත් කන්න බෑ. ග්ලුව්ස් දාලා කෑවට ඒකේ කිසි වරදක් නෑ. කොවිඩ් කාලේත් ග්ලුව්ස් දුන්නා. ඒක කෙනෙක් දැකලා නැති වෙන්න පුලුවන්. මම ඉගෙන ගත්තෙත් අමරිකාවෙදි. එහේ ඉන්න ශ්‍රී ලාංකිකයින් ඉඳිආප්ප කන්න ග්ලුව්ස් දුන්න. එයාලා තාම මට ඒක ඉගැන්නුවේ.. මම ඉස්කෝලෙ ගියේ මහනුවරට. එතකොට අපිට අතින් කන්න තහනම්. අපිට රබර් සෙරප්පු දාන් රූම් එකට යන්න බෑ. ඒ මම හැදිච්ච විදිහක් තිබ්බනේ. මම අවුරුදු ගාණක් අතින් කාලත් නැතුවත් දැන් අතින් කන්න ආසත් නෑ. අප්පිරියයි වගේ. මගේ ළමයි ඒක දන්නවා. ඒකේ වරදක් නෑ..."