දිල්හානි ගැන ඔබ නොදැන හිටිය, ඇසට කඳුළක් එන කතාව
එදා සිංහල සිනමාවේ සුන්දරතම නිළිය වුණු ඇය, අදත් ඒ ජනප්‍රියත්වයට හිමිකම් කියන සොඳුරු නිහතමානී ශිල්පිනියක්. නිර්පාක්ෂික අරගලය තුළ, අරගලකරුවන් හා 'ගෝ ගෝටා හෝම්' කියන්නට එකතු වූ ඇය, තවමත් ඒ භූමියට ආදරේ බෙදමින් ඉන්නවා.
ඊයේ අම්මාවරුන්ගේ දිනය දා, ප්‍රවීණ ගී පද රචක ආනන්ද පද්මසිරි මහතා, ඔහුගේ මුහුණු පොතට ලස්සන සටහනක් එක් කර තිබුණේ, දිල්හානිට උපහාරයක් ලෙසයි.
එම සටහන පහතින්.
" දිල්හානි අසෝකමාලා ඒකනායක " කියන්නේ " පසිඳු දිල්මින් පෙරේරා " ගේ අම්මාය. එහෙත් පසුගිය දින තිහක කාලයේදී ගෝටාගෝගම අරගලකරුවන්ට දිරිය - සවිය - ආහාර සහ ජලය රැගෙන දිල්හානි එහි සැරිසරනු මෙසේ දකිද්දී සහ ඇයට සවන් දෙද්දී මට සිතුණේ ඇය අරගලකරුවන්ටද කරුණාබර අම්මා කෙනෙකු වූ බවයි.
වසර 34 ක් පුරා ඇයව දන්නා මා සැමදා ඇය දෙස බැලුවේ සුමිතුරු සෙනෙහසිනි. එහෙත් දැන් මම මේ "දිල්හානි අම්මා" ගරු ඇසකින් දකිමි. අම්මාවරුන්ගේ දිනයේ ඇයට මේ සටහන උපහාරයක් කොට පුදන්නෙමි....!!!