දුලීකා මාරපන කියන හිතාගන්න බැරි කතාවක්
දුලීකා මාරපන කියන්නෙ පුංචි තිරය, වේදිකාව පමණක් නොව ඉන් එහා සිනමාවෙත් වෙනස්ම විදිහේ චරිත නිරූපණයක යෙදෙන ප්රේක්ෂකයින් විශ්මයට පත් කරපු රංගන ශිල්පිනියක්. ඒ වගේම මෑතක ඇය රංගනයෙන් එහා ගීත ගායනයට පවා යොමු වුණා. මේ දිනවල දුලීකා ගැන හැමෝම කතා කරන්න ගත්තේ ඇයට දරුවෙක් ලැබුනා කියල අපළ වුණු විවිධ කටකතා නිසා. ඒ ඇය දායක වුණු රූපරචනාවක ඡායාරූප කිපයක්. දුලීකා සහ ඇගේ සැමියා සුජීව ජීවත් වෙන නිවසේ සුරතලුන් ගොඩක් ඉන්නවා කියලා ඔවුන් නිතරම කියනවා. ඒ කියවෙන සුරතලුන් අතර ටෙරී බබා විශේෂයි. දුලීකා ටෙරී සුජීව එක්ක ඉන්න ඡායාරූපයක් පළ කරමින් ටෙරීබබා ගැන අපූරු සටහනක් ලියා පළ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහන..
"සමහර මතකයන් සුන්දරයි , Terry බබා
පහල රූපෙ ඉන්න දෙන්නම ටිකක් එක වගේ . සුදුවට, හුරුබුහුටියට , හරි අහිංසක වගේ පෙනුනට ,ඒ දෙන්නම එක වගේ නපුරුයි.
දෙන්නට දෙන්න හරි ඊරිසියයි.
එක්කෙනෙකුට වැඩිපුර සැලකුවොත් රන්ඩු වෙනව. දවසේ වැඩි වෙලාවක් මට ඒ දෙන්නගෙ ප්රශ්න විසදන්න උනා
ටෙරී නැතිනම් 'ටෙරී බබා' තමා අපේ ගෙදර හිටපු චරිතෙ. ගෙදර එන ඕනැ කෙනෙක් වැඩිපුරම කතා කරන්නෙ එයා ගැන.
සුදූ හරි සුදු බබා හරි කීවම එයාගෙ මූන දිලිසෙන්න ගන්නව .එයාට නම් ගොඩාක් පටබැදුන . සූදුරු බූතය , සුදු දලඹුව, සුද්ද , මං ගෙදර නම් එදාට ඊට වඩා දෙයක් නෑ. කාටවත් මා ලගට එන්න බෑ. කතා කරන්නවත් බෑ. මට අසනීප උනොත් කාමරේ දොර ලගටවත් කාටවත් එන්න බෑ.
ඒ ආදරේට අපේ ගෙදර සමහරු ඊරිසියා කලා. ඒ හින්ද අපි දෙන්නව විරසක කර වන්න ගෙදර ගොඩාක් අය උත්සාහ කලා.
ගෙදරට ඕනෑ කෙනෙකුට එන්න පුලුවන්, යන්න බෑ, කන්න වාඩිවෙන්න පුලුවන් අත් හෝදන්නවත් නැගිටින්න බෑ.
එයාට කවුරු කොහොම ආදරේ කලත් එයා ආදරේ කලේ මට විතරමයි .
කවුරු එයා දිහා බලා හිටියත් එයා බලා ඉන්නෙ මං දිහා විතරමයි...
කකුල් හතරකින් ඉපදුනාට , කකුල් දෙකේ සත්වයින්ට වඩා මනුස්සකම් ගොඩාක් එයා ගාව තිබුන. එයා මාර චරිතයක්, මතකයක් , කවදාවත් අමතක කරන්න බැරි ආදරයක් miss you සුදු බබා"