දර්ශන් අතින් බත් කාපු කලා ලොවේ යාලුවො එකතු වෙලා දර්ශන් වෙනුවෙන් කරපු පින් අතේ වැඩේ
දර්ශන් ධර්මරාජ් මෙලොව හැර ගොස් ඊයේ දිනට හරියටම සතියක් ගෙවී හමාරයි. නමුත් ඔහු නොමැති කම්පනය සහෘද හිතවතුන්ගෙන් හදවත්වලිජ්න් තවම නික්මීගොස් නැහැ. දර්ශන් සමුගෙන ගොස් සතියක් පිරෙන මොහොතේ කලා ලෝකයේ ඔහුගේ සහෘද හිතවතෙකු වන රංගන ශිල්පී මධුශාන් නානායක්කාර කලා ලොවෙ තවත් සහෘදයන් කීපදෙනෙක් එකතු කරගෙන දර්ශන් වෙනුවෙන් පින් අතේ වැඩක් කරලා තිබුනා. ඔවුන් එක් වෙලා රසට කෑම හදලා කුසගින්නේ ඇති කියලා හිතපු මගතොටේ හම්බුන උදවිය කීප දෙනෙක්ට පරිත්‍යාග කරලා තිබුනා. විශේෂත්වය වෙන්නේ මේ ඔක්කොම දර්ශන් අතින් හදපු කෑම වල රස දන්නෝ වීමයි.
පහත දැක්වෙන්නේ මධුෂාන් නානායක්කාර දර්ශන් වෙනුවෙන් තැබූ සටහන සහ ඔවුන් කළ පින්කමේ ඡායාරූපයි.
"ආදරනීය සහෝදරයා දර්ශන්
අද උබ අපෙන් ඈතට ගිහින් දින හතක් ගෙවෙන වෙලාවේ, ලබපු උතුම් පෝහොය දින. උබ උබේ අත්වලින් හදපු සහ නොහදපු කෑම කොච්චර නම් අපිට කවලා ඇත්ද? ඒක නිතරම මතක් වෙනවා ඩීඩී. ඒක නිසාම උබට ආදරේ උබේ අතින් බත් කාපු යාලුවෝ කීප දෙනෙක් එකතු වෙලා රසට කෑම හදලා, කුසගින්නේ ඇති කියලා හිතපු මගතොටේ හම්බුන උබට ආදරේ රසිකයෝ කිහිප දෙනෙකුට උබව මතක් කරලා කෑම ටිකක් හදලා දුන්නා. එහෙම කරේ යන තැනකට යන ගමනේ උබට පිං ලැබෙන්න කියලා. උබට ආදරෙයි අන්නා. සතුටින් හිටපන්."