’’දැන් හරි දැන් සතුටුයිද...ගිනි තියපියව් මුළු රටම...’’ දැඩි ලෙස ආවේගශීලි වූ දුලීකා
දුලීකා මාරපන කියන්නෙ මේ පවතින අරගලයත් එක්ක ඉතාමත් තදින් බැඳී සිටි කෙනෙක්. අද සිදු වූ සිදුවීම් එක්ක දැඩිලෙස ආවේගශීලී වූ ඇය මුහුණු පොත ඔස්සේ ලයිව් විත් මෙලෙස පවසා සිටියා.
"කණගාටුයි... අතිශයින්ම කණගාටුයි. බොහොම නිහඬ විරෝධතාවයක් අපි අරන් ගියේ. හොඳට මතක තියාගන්න ඔබ තව තවත් වෛරී පිරිසක් බවට පත්වෙනවා. මිනිස්සුන්ට ගිනි තියලා ගහලා තියෙනවා. අපි තාමත් සාමකාමී. අපි තාමත් එක ගල් කැටයක්වත් අතට අරගෙන නෑ. ඉතාමත් අවිනීතයි... මේ රට තුළ කරන තුප්පහි දේශපාලනය දැන්වත් නතර කරන්න. දැන් හරි දැන් සතුටුයිද.ගිනි තියපියව් මුළු රටම. අපි එක ගල් කැටයක්වත් අතට ගන්නෙ නෑ..."
පහතින් දැක්වෙන්නේ ඇය ලයිව් ආ වීඩියෝපටයයි.