’’දින සති’’ එක්ක වෙනස්ම විදියට යළි කරළියට ආ, ජනප්‍රිය ගායක ශේන් සිං



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශේන් සිං කියන නම කාටත් හුරුපුරුදු නමක්නෙ. නව පරපුරේ ජනප්‍රිය ගායන තරුවක් වන ඔහු සංවේදනා, ආදරේ වේදනා යන ගී හරහා රසික සිත් ආකර්ෂණය කරගෙන ඇති බව කවුරුත් හොඳින් දන්නවා.  ඔන්න ඉතින් ඔහුගේ නවතම ගීතය පහුගිය දවසක අපිට රසවිඳින්න ලැබුණා. ඒ ආකර්ෂණීය වීඩියෝවකුත් එක්ක. ඉතින් අපි හිතුවා මේ අලුත් වැඩේ ගැනත්, ඔහුගේ අලුත් තොරතුරු ගැනත් ටිකක් කතා කරන්න.
 
මේ දවස්වල මොකද වෙන්නෙ
 
මේ දවස්වල අපේ සංගීත කණ්ඩායම 'ලයින් වන්' එක්ක වැඩ. ටිකක් විතර කාර්‍යබහුල දවස් ගෙවෙන්නෙ. මොකද දෙස් විදෙස් ප්‍රසංග කිහිපයක්ම යෙදිලා තියෙනවා. ඒ තමයි මේ දවස්වල තොරතුරු.
 
රටේ තත්ත්වය එක්ක බොහෝ පිරිස් රට හැර යනවා. ශේන්ටත් එහෙම බලාපොරොත්තුවක් තියෙනවද ?
 
මම නම් කවදාවත් ලංකාව දාලා යන්නෙ නෑ. එහෙම රට දාලා යන්න අදහසක්වත් නෑ. ඒ විතරක් නෙවෙයි බෑන්ඩ් එක කැඩෙන්නෙත් නෑ. උපන් රට දාලා නම් මම යන්නෙ නෑ. 
 
දැන් ටිකක් මල් රැල්ල වෙනස් වෙලා තියෙනවා. මේ හැදෙන වෙනස් නිර්මාණ ගැන ඔබේ අදහස මොකක්ද ?
 
ඒක ඇත්තටම හොඳයි. ලෝකයේ ඕනිම දෙයක් ඒකාකාර නෑ. ලෝකය වෙනස් වෙනවා. හොඳ නිර්මාණ එළියට එන එක ගැන ඇත්තටම මට නම් සතුටුයි.
 
අපි අලුත් සිංදුව ගැන කතා කරමු 
 
ඔව්. මගේ අලුත් සිංදුව දැන් එළියට ඇවිත් තියෙන්නෙ. මමත් මේකෙ රැප් පාට් එකක් කරනවා. කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රැප් ගායකයෙක් වන ස්මෝකියෝවත් මාත් එක්ක දකින්න පුළුවන්. මේ සිංදුව ලිව්වෙ සහ එහි මියුසික් කළේ මම. ඒ වගේම තමයි අශාන් ප්‍රනාන්දු  ,විරාජ් මාලිංග, රමේෂ් ෆර්නෑන්ඩු ( රමා ) සහ ඉමේෂ්... මේ අය තමයි මට සපෝට් කළේ මේ වැඩේ ලස්සනට අරන් එන්න රසිකයින් අතරට.
 
ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු
 
ඉදිරියේදී අලුත් සිංදු දෙක තුනක් තව එන්න තියෙනවා. ඊට අමතරව ඉතින් බෑන්ඩ් එකේ වැඩ කරගෙන ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව.