දැන් මම ආදරවන්තියක්. එයා විදෙස් ගතවෙලයි ඉන්නේ
පියුමාලි ආලවන්තියක් වෙලා කියලයි ආරංචිය..?
ඔවුනේ..... “ආලවන්ති” කියන්නේ මේ දිනවල මම රූගත කිරීම්වලට සහභාගි වෙන අලුත්ම ටෙලි නාට්‍යයි. ඒක ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයක්. චාමර සමරවික්‍රම මහතාගේ නිෂ්පාදනයක්. මේ දවස්වල ඒකෙ රූගත කිරීම්වලටත් සහභාගී වෙනවා.
අපි ඒ චරිතය ගැන පොඩ්ඩක් කතා කළොත්.....?
ආලවන්තී ටෙලි නාට්‍යයේ මම නෙතුලි කියන චරිතය රඟපානවා. නෙතු කියන්නේ පොහොසත් පවුලක ටිකක් හිතුවක්කාර දියණියක්.
මේ දිනවල “පාට කුරුල්ලෝ” හරි ජනප්‍රියයි. ලැබෙන ප්‍රතිචාර කොහොමද.....?
පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයේ නිම්නාවිට ලැබෙන ප්‍රතිචාරය ඉතාමත් ඉහළයි. ඒක හැමෝම ආදරේ කරන චරිතයක්. නිම්නාවි හරිම අහිංසක, තැන්පත්, ගැහැනු ළමයෙක්. ඒක හරි ආදරණීය චරිතයක්.
නිම්නාවි සහ නෙතුලි එකිනෙකට වෙනස් චරිත දෙකක්.....?
ඔව්..... නිම්නාවි හරි අහිංසක, හැමෝටම ආදරේ හිෙතන චරිතයක්. නමුත් නෙතුලි තාම මිනිසුන් අතරට ගිය චරිතයක් නෙවෙයි. ඒක නිසා ඒක කොහොම මිනිසුන් භාර ගනීද කියලා මම හරියටම දන්නේ නැහැ. නෙතුලිගේ චරිතය ඇතුළෙත් ආදරය වෙනුවෙන් හිතුවක්කාරකම් සිදුවන සිදුවීම් තියෙනවා. තාත්තලා බලෙන් කසාද කරවන්න උත්සාහ කරත්, ඒකට අකමැතිව එයා ආදරේ කරන තරුණයාවම කසාද බඳින්න උත්සාහ කරන හිතුවක්කාරකම ඒ ගෑනු ළමයා තුළ තියෙනවා. ඒ හැර නෙතුලි නරක ළමයෙකුත් නෙවෙයි. නිම්නාවි කියන්නේ සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙක් වුණාට නෙතුලි කියන්නේ ගොඩක් සල්ලිකාර පවුලක ගෑනු ළමයෙක්.
ඒ කියන්නේ පියුමාලී මේ දවස්වල කාර්ය බහුලයි.....?
ඔව්..... ටිකක් කාර්ය බහුල වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය දෙකේම රූගත කිරීම් කරනවා. ඊට අමතරව වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ වලටත් සම්බන්ධ වෙනවා. ඒවා එක්කත් ටිකක් කාර්ය බහුලයි. කොහොම හරි දින ටික හදාගෙන වැඩ ටික කරගෙන යනවා.
පියුමාලිගේ පියා රැකියාවට කළේ හමුදාවේ. කලාවට පියුමාලි සම්බන්ධ වෙනවට තාත්තාගේ අකමැත්තක් තිබුණාද....?
මගේ තාත්තා සේවය කළේ හමුදාවේ. දැන් විශ්‍රාමිකයි. මුල ඉඳන්ම තාත්තාගේ අකමැත්තක් තිබුණේ නැහැ. මුල ඉඳන්ම මාව රූපවාහිනෙන් දකිද්දී, රූපවාහිනී වැඩසටහන්වල දකිද්දී ඒවා තාත්තා හැම එකක්ම බැලුවා. අදටත් බලනවා. මට හිතන විදියට මගේ ලොකුම ප්‍රේක්ෂකයන් දෙන්න වුනේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නා හරිම කැමැත්තෙන් මම දිහා බලාගෙන ඉන්නවා. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. එයින් ලොකු නංගිත් දැන් ක්ෂේත්රයට සම්බන්ධයි. ඉතින් අම්මගේ තාත්තාගේ ලෝකෙ දැන් අපි දෙන්නව දකිනවා.
නිළියක්වීම පියුමාලී පුංචි කාලෙ ඉඳන් දැකපු හීනයක්ද.....?
නැහැ. නිළියක් වෙන හීනයක් මගේ තිබුණේ නැහැ. 2016 අවුරුද්දේ රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස මම ජයග්‍රහණය කළා. ඒ කාලේ ඉඳන් කලාවට මම හරි ආසයි. නර්තනයට මම හරි දක්ෂයි. නර්තනය ගුරුවරියක් වෙන්න මම ආස කළා. හැබැයි රූපවාහිනිය, වැඩසටහන්වලට ඉදිරිපත් වෙන්න, කතා කරන්නත් මම ආසා කළා. මම ඉගෙන ගත්තේ සපුගස්කන්ද විශාකා බාලිකා විදුහලේ. උසස් පෙළ කරන කාලයේදී රූපවාහිනි අවුරුදු කුමරිය විදිහට මම ජයග්‍රහණය කළා. ඒකෙන් පස්සේ කවදා හරි නිළියක් වෙනවා කියලා ආසාවක් මට ඇති වුණා. පාසල් යන කාලයේදී මම රංගනය හදාරලා නැහැ. නර්තනය කළා. පාසලේදී බාහිර ක්‍රියාකාරකම්වලදී මම නැතිවම බැරි චරිතයක් වුණා. හැම උළෙලකදීම මම නර්තනයෙන් සම්බන්ධ වුණා. සාහිත්‍ය උළෙලවල්වල නාට්‍යවලට සම්බන්ධ වුණාට වැඩිදුර රංගනය සම්බන්ධයෙන් අධ්‍යානයක් මම පාසලේදී කළේ නැහැ.
පියුමාලිගේ මුල්ම රංගනය නිම්නාවිද...?
ඇත්තම කිව්වොත් මගේ මුල්ම රංගනය වුණේ ආලවන්තී ටෙලි නාට්‍යයි. ඒකෙ මුල් කොටස් මීට වසර දෙකකට කලින් රූගත කිරීම් කළා. කැමරාවක් ඉස්සරහ මුලින්ම ටෙලිනාට්‍යයක දෙබස් කියලා රඟපෑවේ ආලවන්ති ටෙලි නාට්‍යයි. ඊට පෙර මම මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙලා හිටියා. ආලවන්තී වගේම පාට කුරුල්ලොත් එකම අධ්යක්ෂවරයාගේයි. එකම නිෂ්පාදන කණ්ඩායමේමයි. ඒ නිසා ආලවන්ති ටෙලි නාට්‍ය මුල් කොටස් කිහිපය තුළදී මගේ නුහුරු ගතිය හොඳටම දැනේවි. හැබැයි ප්‍රේක්ෂකයින් අතරට මම මුලින්ම ගියේ පාට කුරුල්ලෝ හරහා ලැබුණ. මට තාම මතකයි පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ මුල්ම කොටස රූපවාහිනියෙන් විකාශනය වෙද්දි මට හරි සතුටක් දැනුණා. පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ නිසා පළමු කොටසේම හිටියා. හැබැයි ඒක දකිද්දිත් මම තව ගොඩක් රංගනය ගැන ඉගෙන ගන්න ඕනේ කියලා මට හිතුනා. දැන් මේ වෙද්දි මම යම් කිසි විදිහකින් රඟපානවා නම් ඒකේ ගෞරවය ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර්ට යන්නම ඕනේ. සිවා සර් මාව මුල ඉඳන්ම හැදුවා. මුල් කාලෙදී මට දෙබස් කියවන්න, කැමරාවක් ඉස්සරහට එන්නත් බයයි. ඒ බය දැන් අඩුයි.
පාට කුරුල්ලෝ විකාශනය වෙද්දී මුල් කාලයේදී ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද.....?
පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය විකාශන වෙද්දී සමාජ මාධ්‍ය හරහා මාව මිනිස්සු අඳුනා ගත්තා. දැන්නම් පාරේ යද්දී බොහෝ දෙනා හඳුනා ගන්නවා. පින්තූර ගන්නවා. ළඟට ඇවිත් කතා කරනවා. සමහරු මම ගාවට ඇවිත් කතා නොකළාට “අන්න පාට කුරුල්ලෝ නිම්නාවි” කියලා ඈත ඉඳන් කියනවා මට ඇහෙනවා. ඒ නිසා ඒ ගැන හරි සතුටක් මට දැනෙනවා. දැන් මම මගේ නම අමතක වන තරමටම නිම්නාවි මිනිසුන්ට මතකයි. ඉදිරියේදී නිම්නාවි වගේම නෙතුලිත් මතකයේ ඉඳීවි කියලා විශ්වාසයක් මට තියෙනවා.
නිම්නාවි ආදරේ කරනවා. නෙතුලිත් ආදරය කරනවා. පියුමාලිත් දැන් ආදරවන්තියක් නේද.....?
ඔව්..... පියුමාලිත් ආදරේ කරනවා. දැන් මම ආදරවන්තියක්. එයා විදෙස් ගතවෙලයි ඉන්නේ. හැබැයි මේ වෙද්දි එයත් ලංකාවේ. එයත් කලා ක්ෂේත්රයට කැමති කෙනෙක්. ඉදිරියේදී ආලවන්තී ටෙලි නාට්‍යයෙන් එයාවත් දැක ගන්නට ලැබේවි. මේ කතාව ඇතුළේ එයාටත් වෙනමම ආදර සම්බන්ධයක් එයාගේ චරිතය ඇතුළේ ගොඩනැගෙනවා. එයාව මම යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මුලින්ම හඳුනා ගත්තේ. අපි දකින්නෙවත් නැතුව රටවල් දෙකක ඉඳන් ආදරය කළා. අපි ආදරය කරන්න පටන් අරගෙන මාස අටකට පස්සේ එයා ලංකාවට ආවා. ඒක තමයි අපේ මුල්ම මුණගැසීම වුණේ.
ඊළඟට තියෙන බලාපොරොත්තු, මොනවාද.....?
ලොකු අරමුණු නැහැ. සතුටින්, හොඳින්, ප්‍රශ්න අඩුවෙන්, ජීවත් වෙන්නයි මට ඕනේ. සිනමාවට සම්බන්ධ වෙන්න ආසයි. දැනටමත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. තව මාස කිහිපයකින් ඒ රූගත කිරීම පටන් ගනිවී.
රංගන ශිල්පිනියක් වීම ගැන අද මොකද හිතෙන්නේ.....?
ඇත්තටම හරි සතුටුයි. 2016 මම රූපවාහිනිය අවුරුදු කුමරිය වුණොත් හිතපු නැති විදිහටයි. එයින් වසර පහක් අධ්‍යාපනය කටයුතු නිසා කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ 2022 වසරේදී මුලින්ම නිර්මාණයකට සම්බන්ධ වුණා. මේ වසර දෙක ඇතුළත ලැබුණු ආදරය ගැන ගොඩක් සතුටුයි. නැගීගෙන එන නිළිය සම්මානයත් මට ලබාගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ ලැබෙන ආදරේට මම හරි ආදරෙයි.
• දිශානි ජයමාලි