දැන් මට පිරිමි එපා වෙලා, මට වැරදුනා - බිඳුණු අතීතය හෙළි කරන නර්මදා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නර්මදා යාපා අබේවර්ධන කියන්නෙ දක්ෂ වගේම ඉතාම සුන්දර නිරූපන ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ නිවේදිකාවකුත් වෙනවා. බාධක, බිඳීම් කියන්නේ හැමෝගෙම ජීවිතවලට පොදු කාරණාවක්. හැමදේම තීරණය වෙන්නෙ දරාගැනීම මත. ඇය පහුගිය දවසක වැඩසටහනකට එක් වෙමිනුයි ඇයගේ බිඳුණු අතීතය ගැන මෙහෙම කතාවක් කිව්වේ.

”මම බැන්දේ අවුරුදු විසි තුනෙන්. මම සැමියට ගොඩක් නිදහස දුන්න බිරිඳක්, එයා කවදාවත් හිරකරගෙන ඉන්න ඕන කියලා මම හිතුවේ නෑ, මම හිතුවා එයාත් මම වගේ පවුලේ වගකීම් දරන ඉදීවි කියලා, මට එතනදී වැරදුනා. කොහොම වුනත් දැන් මට පිරිමි එපා වෙලා තියෙන්නේ, මම දැන් මගේ ජීවිතේ ඒ පැත්ත ගැන හිතන්නේ නෑ, මම ආයේ විවාහයක් කරගනීවි කියලා හිතන්න අමාරුයි බලමු ඉස්සරහට”