දැන් උඹලගෙත් දේශපාලුවාගෙත් කිසිම වෙනසක් නෑ - අම්මාගේ ගේ කැඩුවට, දෙහි කපන ඉරාජ්
පහුගිය දවසක ඉරාජ් වීරරත්නගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ඒ ගැන ඔහු වීඩියෝවකින්ම ඇවිත් කතා කරලත් තිබුණා. මේ දවස්වල සමාජ මාධ්‍යයේ උණුසුම් මාතෘකාව වෙලා තියෙන්නෙත් ඒක. ඉතින් ඔන්න ඉරාජ් මේ සිදුවීම ගැන සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.
පහතින් දැක්වෙන්නේ එම සටහනයි.
මල්ලිලා නංගිලා උබලගේ වටිනා ජීවිත නිකන් මෙහෙම විනාශ වෙන්න දෙන්න එපා !!!
JVP දේශපාලුවන්ගේ ගුලි වලට අහුවෙලා නිකන් හිරේ යන්න එපා කවුරුත් එන්නේ නෑ උබලව බේර ගන්න මොකද මේ උබලා කරේ හොරකමක් සහ දේපල විනාශ කිරීමක්. උබලා සෙට් එකම අරගලයට ජය වේවා කිව්වට මගේ අම්මගේ ගෙදර ඉස්සරහා මේක නෙවෙයි නියම අරගලය කියන්නේ. මොකද දැන් උබලාගෙත් දේශපාලුවාගෙත් කිසිම වෙනසක් නෑ.
උබලා හොරකම් කරපු ඒවා හෙට මට ගෙනත් දීපන් සත්තයි උබලව මම බලාගන්නවා කරදරයක් වෙන්න දෙන්නේ නෑ. සල්ලි නැත්තම් උබලට මම උදව් කරන්නම් මුදලින්. කන්න බොන්නත් දෙන්නම් ඔය ගෙවල් වටේ ඉන්න කොල්ලන්ට ආර්ථික ප්‍රශ්න ආවම කතා කරන්නේ ඉස්සෙල්ලාම මට බන් ☺️ උබලා කුඩු කරපු මගේ අම්මාගේ ගෙදර මම මොකක් හරි විදිහකට හදා ගන්නම්.වරෙන් ඇවිත් කතා කරපන් මට මොකද උබලගේ Phoneවල මගේ සිංදු ඇති ඕනෑ තරම්
Video එක අන්තිමට Mask එක දාගෙන කැමරාව කඩන මල්ලි උබ අනිත් ගෙවල් වලටත් පැන්න එකා කියලා මම දන්නවා bro