දිනේෂ් ගමගේගේ උපන්දිනයට ශනුද්‍රි දීපු සප්‍රයිස් එක
ගායන ක්ෂේත්රයේ තාරුණ්‍ය නියෝජනය කරමින් වර්තමානයේ රසික රසිකාවියන්ගේ නොමද ආදරයට පාත්‍ර වුන ආදරණිය ගායකයෙක් තමයි දිනේෂ් ගමගේ කියලා කියන්නේ. ඔහු කඩවසම් ගායකයෙක්. ලංකාවේ කොඑල්ලොන්ගේ ආදරය ආකර්ෂණය නොඅඩුවම ලබන ගායකයෙක් කියලා කිවුවොත් හරියටම හරි. දිනේෂ්ගේ ගීත වලට හැමෝම ආස කරනවා. ඔහු මේ වෙද්දී ගීත රැසක් නිර්මාණය කරලා තියෙනවා. දිනේෂ් ගමගේ කියන නමත් එක්ක ශනුගේ නම දැන් නිතරම කියවෙනවා. ශනු සහ දිනේෂ් පෙම්වතුන් කියලත් සමහරු කියනවා.
ඉතින් මේ දෙන්නා ටැමිල් සෝන්ග් එකක් කරලාත් තියෙනවා කියන ආර්න්චියකුර්ත් ලැබෙනවා. ඉතින් පසුගියදා මේ දෙන්නා එකට ටැටූ ගහන්න ගිහින් චායාරූප එකතු කරලත් තිබුනා. ඒ විතරක් නෙවෙයි පසුගියදා දිනේෂ්ගේ උපන් දිනය යෙදී තිබුනා. ඒ වෙනුවෙන් ශනු ඔහුට ස්ප්‍රයිස් පාර්ටි එකක් දීලා තිබුනා කියලා තමයි දැනගන්න ලැබුනේ. ඒ අවස්ථාවේ චායාරූප සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා දැකගන්නත් ලැබෙනවා. ඉතින් දිනේෂ්ට සුබ උපන්දිනක් කියා අප ප්‍රාර්ථනා කරනවා.