දැන්ම ඉඳලාම පුංචි පුතාට සටන් ජවනිකා පුහුණු කරන ජනප්රිය නළුවා රොෂාන් රණවන
මෙරට සිනමා ක්ෂේත්රයේ එක් වකවානුවක සිහින කුමරා බවට පත් වෙමින් ඔහු රංගනයෙන් දායක වුණු චිත්රපටවල ආදායම් වාර්ථා තැබූ නලුවෙක් රොෂාන් රනවන. මේ වන තෙක් තම ජනප්රියත්වය එක ලෙස පවත්වාගෙන යන රොෂාන්ගේ අවසානයට තිරගත වුනු චිත්රපටය අඳුරු සෙවනැලි. රොෂාන් දැන් චූටි පුතෙක්ගේ තාත්තා කෙනෙක්. ඔහුගේ පුතු මිනෙත්ට දැන් අවුරුදු දෙකක් වෙනවා.
රොෂාන් අද ඔහුගේ පුතා සමඟ කල අපූරු වීඩියෝ පටයක් ඔහුගේ ෆේස්බුක් ගිනුමේ පල කරලා තියෙනවා.
"මගේ පොඩි සටන් නලුවා... " ලෙස හඳුන්වා ඇති මේ වීඩියෝ පටයේ රොෂාන් ඔහුගේ පුතා මිනෙත් සමඟ සටන් කරන විළාශයක් පෙන්වනවා. රොෂාන් ඉතා සෙමින් මිනෙත්ට පහට දෙන අතර මිනෙත් පහරකෑමෙන් පසුව බිම ඇඳගෙන වැටෙනවා.
රොෂාන් දැන්මම ලෑස්තිවෙන්නේ මිනෙත්ව නළුවෙක්ව කරන්නද කියලාත් එය නරබන ඔබට සිතේවි...
පහත දැක්වෙන්නේ ඒ ඩීඩියෝවෙන් ගත් ඡායාරූප පෙළක්.