දකුණු ආසියාවේ පළමු ලේසර් තාක්ෂණික අයිමැක්ස් සිනමාශාලාව
වර්තමානයේ ප්‍රේක්ෂකයාට සිනමා ශාලාවකට ගොස් සිනමා අත්දැකීමක් විඳ ගැනීමට තිබෙන හොඳම අවස්ථාව ලෙස අයිමැක්ස් සිනමා මාදිලිය හදුන්වන්නට පුළුවන්. අයිමැක්ස් කියන්නේ වර්තමානයේ හොලිවුඩ් සිනමාව තුළ චිත්‍රපට රූගත කරන ඉහළ තාක්ෂණික අංගවලින් සමන්විත හොඳම කැමරා වර්ගයක් සේම චිත්‍රපටයක් නැරඹීමට හැකි හොඳම ආකාරය විදියටයි සිනමාකරුවන් නිර්දේශ කර සිටින්නේ. අයිමැක්ස් යනු සමිපූර්ණයෙන්ම පාහේ තාක්ෂණික ක්‍රියාදාමයක් කිව්වොත් හරි.
ලොව පුරා මේ වනවිට අයිමැක්ස් සිනමාශාලා 2000කට ආසන්න ප්‍රමාණයක් ඉදි වී තිබේ. ලංකාවේ ඉදි වූ පළමු අයිමැක්ස් සිනමාශාලාව මීට දින කිහිපයකට පෙර කොළඹ හැවිලොක් සිටි සාප්පු සංකීර්ණයේදී අයිමැක්ස් ස්කෝප් ලෙස ප්‍රේක්ෂකයන්ට විවෘත වුණා. අලුතින් ඉදිවුණ අයිමැක්ස් සිනමාශාලාව පිළිබඳ ස්කෝප් සිනමාස් සමාගමේ ප්‍රධන විධායක අධ්යක්ෂ තුෂාන් රංගන මීමනගේ මහතා අප සමඟ මෙසේ පැවසීය.
"අයිමැක්ස් සිනමාශාලාවක් සාමාන්‍ය සිනමා ශාලාවකින් වෙනස් වෙන්නේ කොහොමද කියනවා නමි සාමාන්‍යයෙන් අපි බලන සිනමා ශාලාවක තිරය උස අඩි 45ත් පළල අඩි 35ත් අතර වෙනවා. නමුත්, අයිමැක්ස් සිනමාශාලාවක තිරය අඩි 45ක් උස අඩ් 70ක් පළල දැවැන්ත තිරයක් සහිත සහ තියුණු ශබිද, රූප ඇතුළත් ඉහළම තාක්ෂණයක් සහිත පරිපුර්ණ සිනමාශාලාවක් විදියට තමයි ස්කොප් අයිමැක්ස් සිනමා ශාලාව මහජනතාවට විවෘත වෙන්නේ. අනෙක් විශේෂත්වය අයිමැක්ස් 4K ලේසර් ප්‍රොජෙක්ෂන් තාක්ෂණයකින් තමයි චිත්‍රපට තිරගත කරන්නේ. ලේසර් ප්‍රොජෙක්ෂන් තාක්ෂණය හරහා අයිමැක්ස් චිත්‍රපට ශාලා ඉදිවීම ගිය වසරේ ඇරඹුන නිසා ලෝකයේ අනෙක් අයිමැක්ස් සිනමාශාලාවලට වඩා අපේ සිනමාශාලාව තාක්ෂණයෙන් වැඩියි. තව එකක් තමයි අයිමැක්ස් ඒකට වෙනම සවුන්ඩ් සිස්ටමි එකක් තියෙනවා.
දැනට ගත්තොත් සාමාන්‍ය ඩිජිටල් සිනමා ශාලාවක තියෙන්නේ සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එක 12.1. හැබැයි අයිමැක්ස් එකේ සවුන්ඩ් ට්‍රැක් එන්නේ වෙන වෙනම චැනල් 12කින්. ප්‍රේක්ෂකයාට වෙන වෙනම ඒ සවුන්ඩ් ට්‍රැක් ඇහෙන්න සැලැස්වෙන විදියටයි අයිමැක්ස් නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රේක්ෂකයාට වෙනම සවුන්ඩ් ට්‍රැක් එක අහන්න පුඵවන් කියන්නේ මෙහි තිබෙන අසමසම තාක්ෂණය කොතරමිද කියලා හිතාගන්න පුළුවන්. මේ හින්දම අයිමැක්ස් සිනමාශාලාවකින් චිත්‍රපට බලන ප්‍රේක්ෂකයාට 100%ක තියුණු සහ සුපැහැදිලි වර්ණ සහ ශබිද සහිත සිනමා අත්දැකීමක් ලැබෙනවා. අනෙක් අතට අයිමැක්ස් කියන ආයතනයම තමයි අයිමැක්ස් කියන බ්‍රැන්ඩ් එක යටතේ ස්ක්‍රින් එක, ප්‍රොජෙක්ටර්ස්, සවුන්ඩ් සිස්ටම් එක එවන්නේ.
අනෙක් අතට ලංකාවේ ලොකුම සිනමා සංකීර්ණය එහෙමත් සිනෙප්ලෙක්ස් එක විදියට හැවිලොක් සිටි සිනෙප්ලෙක්ස් එක විවෘත වෙන්නේ. එතකොට මේ සිනමා සංකීර්ණයේ අයිමැක්ස් සිනමා ශාලාවට අමතරව තවත් චිත්‍රපට ශාලා පහක් තියෙනවා. ඔක්කොම සිනමාශාලා හයයි. එතකොට ලංකාවේ ලොකුම සිනෙප්ලෙක්ස් එක වෙන්නේ මේ හැවිලොක් සිටි එකේ නිර්මාණය වුන සිනමා සංකීර්ණය. ඕනෑම ප්‍රේක්ෂකයෙක්ට විනාඩි 15කට සැරයක් චිත්‍රපටයක් නැරඹීමේ පහසුකම තියෙනවා. මුළු ආසන ධාරිතාව ගත්තොත් ආසන 1200ක් පමණ තියෙනවා. අනෙක් දේ තමයි අපේ සිනමා සංකීර්ණයේ තියෙන සියළුම සිනමාශාලා ප්‍රොජෙක්ට් වෙන්නේ 4K ලේසර් මැෂින්වලින්. අපි භාවිතා කරන්නේ ලේසර් තාක්ෂණය. ලංකාවේ කිසිම තැනක මේ වගේ සිනමා අත්දැකීමක් නෑ. මිල ගණන් ගත්තොත්. වෙන රටවල අයිමැක්ස් ටිකටි එක ලංකා මුදලින් රුපියල් 7000 පමණ වෙනවා.
නමුත්, අපි අයිමැක්ස් ටිකටිපතක් විකුණන්නේ ඩිමාන්ඩි එක වැඩි ටයිමිවල රුපියල් 4300කට වගේ. ඩ්මාන්ඩ් එක අඩු ටයිමිවල රුපියල් 3500ක් පමණකට වගේ ටිකටිපතක් අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නෙ. අයිමැක්ස් සිනමාශාලාවක් හදන්න සාමාන්‍ය සිනමාශාලාවක් හදනවා වගේ විසිගුණයක් පමණ මුදලක් වැය වෙනවා. ඉතින් ඒ වගේ විශාල පිරිවැයක් දරලා තමයි අයිමැක්ස් සිනමා ශාලාව නිර්මාණය වෙන්නේ."